Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ඉන්දියාව අතර නොටිංහැම්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කළ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් දෙපිලටම තරග මුදලින් 40% ක දඩ නියම කර තිබේ. ඊට අමතරව දෙපිලේම ලෝක ශූරතා ප්‍රසාද ලකුණු වලින් ලකුණු 2 ක් බැගින් සෘණ ලකුණු ලෙසින් නම්කර තිබේ. ඒ අනුව ජය පරාජයෙන් තොරව නිමාවූ පළමු ටෙස්ට් තරගය අවසානයේදී දෙපිලටම ලකුණු 4 ක් බැගින් හිමිවිය යුතු වුවත් දෙපිලෙන්ම ලකුණ 2 ක් බැගින් අඩුකර තිබේ.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි වටය (2021 - 2023) ආරම්භ වූයේ එංගලන්තය සහ ඉන්දියාව අතර නොටිංහැම්හිදී පැවැති තරගයෙනි. දෙරට අතර පැවැත්වෙන මෙම තරගවලිය තරග 5 කින් සමන්විත වෙයි.
ක්‍රීඩකයන්ගේ තරග මුදලින් 40% ක දඩය මෙන්ම දෙපිලටම දඬුවම් ලකුණු නියම කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් මහතා විසිනි. ක්‍රිස් බ්‍රෝඩ් මහතා එංගලන්තය පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු මෙන්ම වත්මන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන වේග පන්දු යවන්නකු වන ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පියාණන් ද වෙයි.
කණ්ඩායම් දෙකම නියමිත කාලය තුළදී ඕවර 2 ක් බැගින් අඩුවෙන් යවා තිබෙන බව කාලය ගණනය කිරීම් වලින් සනාථ වී තිබේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොන්දේසි අනුව කිසියම් කණ්ඩායමක් නියමිත කාලය අතරතුර දී යැවීමට අපොහොසත් වන ඕවරයක් වෙනුවෙන් තරග මුදලින් 20% ක දඩයක් නියම කෙරේ. ඊට අමතරව ශූරතාවලියේ ප්‍රසාද ලකුණු වලින් එකක් බැගින් ද අඩු කෙරේ.
මෙම තරගයට දිගින් දිගටහ වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් ඕවර ගණනාවක්ම අපතේ ගිය අතර අවසන් දිනය සම්පූර්ණයෙන්ම වැස්සට සේදී ගියේය. අවසන් දිනයේ ක්‍රීඩාව අහිමි නොවූවා නම් ඉතා පහසුවෙන්ම තරගයේ තීරණයක් දැකගත හැකිව තිබිණ.
තරගාවලියේ දෙවැනි තරගය හෙට (12 වැනිදා) ලන්ඩන් නුවර ලෝඩ්ස් පිටියේදී ආරම්භ වෙයි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.