Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වන අද (18 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත පිල කඩුලූ 6 ක් දැවී ලකුණු 219 ක් ලබා සිටියේය.
එංගලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ගැරී බැලන්ස් හතරේ පහර 15 ක් සමගින් සිය දෙවැනි ටෙස්ට් ශතකය රැස්කළේය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ බුවනේෂ්වර් කුමාර්, ලකුණු 46 කට එංගලන්ත පිලේ පළමු පිතිකරුවන් සිව්දෙනාවම ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට සමත්විය.
කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලකුණු 295 ක් ලබාගත්තේය.
ඉන්දීය පිල වෙනුවෙන් හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ අජන්ක්‍යා රහනේ, හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.
බුවනේෂ්වර් කුමාර් (36) සමග එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් ගොඩනැගූ රහනේ, මොහොමඕ සාමි (11) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තම
කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.
ලකුණු 55 කට ඉන්දීය පිලේ ප‍්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකුම දවාගැනීමට සමත්වූ ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්ත පිලේ ප‍්‍රධානතම පන්දුයවන්නා බවට පත්විය.
මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර පළමු ටෙස්ට් තරගයට සහභාගීවූ කන්ඩායම් දෙකම මෙම තරගයටද සහභාගී වෙති.
ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 295
(මුරලි විජේ 24, චෙතේෂ්වර් පුජාරා 28, විරාත් කෝලි 25, අජන්ක්‍යා රහනේ 103, බුවනේෂ්වර් කුමාර් 36, මොහොමඕ සාමි 19, ජේම්ස් ඇන්ඩර්සන් 60/4, බෙන් ස්ටෝර්ක්ස් 40/2, ස්ටුවර්ට් බෝඕ 79/2)
එංගලන්තය පළමු ඉනිම - කඩුලූ 6 කට 219
(සැම් රොබ්සන් 17, ගැරී බැලන්ස් 110, ඉයන් බෙල් 16, මොයින් අලී 32, බුවනේෂ්වර් කුමාර් 46/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.