Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වන අද (20 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත පිල කඩුලූ 4 ක් ලකුණු 105 ක් ලබා සිටියේය.
ඒ අනුව තරගය ජය ගැනීමට නම් ඔවුන් හෙට දිනයේදී තවත් ලකුණු 241 ක් රැුස්කළ යුතු අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරගැනීමට නම් කඩුලූ 6 ක් ආරක්ෂාකරගත යුතුවේ.
දිනය නිමා වන විට ජෝ රූට් (නොදැවී 14), මොයින් අලී (නොදැවී 15) පන්දුවට පහරදෙමින් කඩුල්ලේ රැදී සිටියහ.
අද දිනෙයේ අවසන් භාගයේදී එංගලන්ත ප‍්‍රධාන පිතිකරුවන් දෙදෙනකු වන නායක ඇලෙස්ටෙයාර් කුක් (22) සහ ඉයන් බෙල් (01) ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට ඉෂාන්ත් ෂර්මා සමත්විය.
ලකුණු 24 ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ ඉන්දීය පිල, සියලූ දෙනා දැවී ලකුණු 342 ක් රැස්කරමින් එංගලන්ත පිලට ලකුණු 319 ක ඉලක්කයක් පිරිනැමීය.
මුරලි විජේ (95), රවින්ද්‍ර ජදේජා (68), බුවනේෂ්වර් කුමාර් (52) අර්ධ ශතක රැස්කරමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළට ඔසවා තැබූහ.
එංගලන්ත පළමු ඉනිම ලකුණු 319 ක සීමාවූ අතර එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ගැරී බැලන්ස් හතරේ පහර 15 ක් සමගින් සිය දෙවැනි ටෙස්ට් ශතකය (ලකුණු 110) රැස්කළේය.
බැලන්සගේ දැවීයෑමෙන් පසුව එංගලන්ත පිල වෙනුවෙන් ලකුණු අතරට පිවිසි එකම පිතකරුවා වූ ලියෑම් ප්ලන්කට් (ලකුණු 55), මැට් ප‍්‍රයර් (ලකුණු 23) සමග එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 51 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ බුවනේෂ්වර් කුමාර්, ලකුණු 82 කට කඩුලූ 6 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් අසරණ තත්ත්වයකට ඇද දැමීමට සමත්විය.
කාසියේ වාසිය දිනූ එංගලන්ත පිලේ නායක ඇලෙස්ටෙයාර් කුක්ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය පිල සිය පළමු ඉනිම වෙනුවෙන් සියලූදෙනා දැවී ලකුණු 295 ක් ලබාගත්තේය.
ඉන්දීය පිල වෙනුවෙන් හුදෙකලා ඉනිමක් කී‍්‍රඩා කළ අජන්ක්‍යා රහනේ, හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත්විය.
ලකුණු 55 කට ඉන්දීය පිලේ ප‍්‍රබල පිතිකරුවන් සිව්දෙනෙකුම දවාගැනීමට සමත්වූ ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්ත පිලේ ප‍්‍රධානතම පන්දුයවන්නා බවට පත්විය.
ඉන්දියාව පළමු ඉනිම - සියලූ දෙනා දැවී 295
(මුරලි විජේ 24, චෙතේෂ්වර් පුජාරා 28, විරාත් කෝලි 25, අජන්ක්‍යා රහනේ 103, බුවනේෂ්වර් කුමාර් 36, මොහොම ඕ සාමි 19, ජේම්ස් ඇන්ඩර්සන් 60/4, බෙන් ස්ටෝර්ක්ස් 40/2, ස්ටුවර්ට් බෝඞ් 79/2)
එංගලන්තය පළමු ඉනිම - සියලූ දෙනා දැවී 319
(සැම් රොබ්සන් 17, ගැරී බැලන්ස් 110, ඉයන් බෙල් 16, මොයින් අලී 32, ලියෑම් ප්ලන්කට් 55, මැට් ප‍්‍රයර් 23, ජේම්ස් ඇන්ඩර්සන් 19, බුවනේෂ්වර් කුමාර් 82/6, රවින්ද්‍ර ජදේජා 46/2)
ඉන්දියාව දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 342
(මුරලි විජේ 95, ශිකර් ධාවාන් 31, චෙතේෂ්වර් පුජාරා 43, මහේන්ද්‍ර සිං දෝනි 19, රවින්ද්‍ර ජදේජා 68, බුවනේෂ්වර් කුමාර් 52, බෙන් ස්ටෝර්ක්ස් 51/3, ලියෑම් ප්ලන්කට් 65/3, මොයින් අලී 28/2)
එංගලන්තය දෙවැනි ඉනිම - කඩුලූ 4 ක් දැවී 105
(ඇලෙස්ටෙයාර් කුක් 22, ගැරී බැලන්ස් 27, ජෝ රූට් නොදැවී 14, මොයින් අලි නොදැවී 15, ඉෂාන්ත් ශර්මා 13/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.