Last Update  :  2025-04-21 18:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය යළිත් අළුබඳුන දිනාගනී

එංගලන්තය යළිත් අළුබඳුන දිනාගනී

ශනුක අරවින්ද - 2013 අගෝ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය අතර එංගලන්තයේ චෙස්ටර්ලී ස්ටී‍්‍රට් හිදී පැවැති සිවුවැනි අළුබඳුන ටෙස්ට් තරගයෙන් ලකුණු 74 ක ජයක් හිමිකරගත් එංගලන්ත කී‍්‍රඩකයෝ තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2013 අළුබඳුන තරගාවලිය 3 . 0 ලෙස ජය ගැනීමට සමත්වූහ. මෙය එංගලන්ත කණ්ඩායම විසින් පිට පිටම අළුබඳුන ජයගත් තුන්වැනි අවස්ථාවයි.

සිවුවැනි තරගයේදී ලකුණු 298 ක ඉලක්කයක් හඹා ගිය  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩයකයන් වරෙක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 145 ක් ලබා සිටි නමුත් තේ පානයෙන් පසුව ලකුණු 77 ක් තුළදී කඩුලූ 9 ක් බිඳ වැටීම නිසා ඔවුන්ට ලබාගතහැකි වූයේ ලකුණු 224 ක් පමණි.

තරගයේ අවසන් දිනය සම්පූර්ණයෙන්ම ඉතිරිව තිබියදී එංගලන්ත කී‍්‍රඩකයෝ තරගය ජයගත්හ.
ආරම්භක පිතිකරු යුගළය වන ඬේවිඞ් වෝනර් (ලකුණු 71) සහ කි‍්‍රස් රොජර්ස් (ලකුණු 49) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 109 ක සම්බන්ධතාවක් ගොඩනැගුවද, ඔවුන් දෙදෙනා හැරුණුකොට අන් කිසිදු පිතිකරුවකුට වැඩි වේලාවක් කඩුල්ලේ රැදීසිටීමට නොහැකිවිය.

ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම සුනු විසුණු කළ වේග පන්දු යවන කී‍්‍රඩක ස්ටුවට් බ්‍රෝඞ් දෙවැනි ඉනිමේදී ලකුණු 50 කට කඩුලූ 6 ක් දවාගත්තේය. පළමු ඉනිමේදී ලකුණු 71 කට දවාගත් කඩුලූ 5 ත් සමගින් තරගයේදීම කඩුලූ 11 ක් බිඳහෙලූ බ්‍රෝඞ්, තරගයේ වීරයා ලෙසින්ද සම්මාන ලැබීය.

ඕස්ටේ‍්‍රලියව වෙනුවෙන් කි‍්‍රස් රොජර්ස් (ලකුණු 110) පළමු ඉනිමේදිද, එංගලන්තය වෙනුවෙන් ඉයන් බෙල් (ලකුණු 113) දෙවැනි ඉනිමේදීද ශතක වාර්තා කිරීමට සමත්වූහ. දෙරට අතර පැවැත්වෙන, අළුබඳුන තරගාවලියේ 5 වැනි සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 21 වැනිදා  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

එංගලන්තය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 238

ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 270

එංගලන්තය දෙවැනි ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 330
(ඇලිස්ටෙයාර් කුක් 22, ජොනතන් ට්‍රොට් 23, කෙවින් පීටර්සන් 44, ඉයන් බෙල් 113, ජොනී බෙයාර්ස්ටෝ් 28, ටිම් බ්‍රෙස්නන් 45, ග‍්‍රැහැම් ස්වෝන් නොදැවී 30, රයාන් හැරිස් 117/7, නේතන් ලයන් 55/3)

ඕස්ටේ‍්‍රලියාව දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී ලකුණු 224
(කි‍්‍රස් රොජර්ස් 49, ඬේවිඞ් වෝනර් 71, උස්මන් කවාජා 21, මයිකල් ක්ලාක් 21, පීටර් සිඞ්ල් 23, ස්ටුවට් බ්‍රෝ්ඞ් 50/6, ටිම් බ්‍රෙස්නන් 36/2, ග‍්‍රැහැම් ස්වෝන් 53/2)


අදහස් (0)

එංගලන්තය යළිත් අළුබඳුන දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.