Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්තය ලකුණු 98 ක් ඉදිරියෙන්

එංගලන්තය ලකුණු 98 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2014 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට්  තරගාවලියේ ලන්ඩන්හි, කිංග්ස්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පස්වැනි සහ අවසන් තරගයේ දෙවැනි දිනය වන අද (16) තේ විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්තය පළමු ඉනිම සදහා කඩුලූ 5 ක් දැවී ලකුණු 246 ක් රැස්කර සිටියේය.


එංගලන්තය මේ වන විට ලකුණු 98 ක් ඉදිරියෙන් සිටියි.  
තේ විවේකය වන විට ජෝ රූට් (නොදැවී 11) සහ ජෝස් බට්ලර් (නොදැවී 12) පන්දුවට පහර දෙමින් සිටියහ.

නායක ඇලෙස්ටියාර් කුක් (79) සහ ගැරී බැලන්ස් (64) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.


ආරම්භක පිතිකරු සෑම් රොබ්සන් ලකුණු 37 ක් ලබා දැවී ගියේය.  


ඉන්දීය පිල පළමු ඉනිම  ඕවර 61.1 කදී සියලූ දෙනා දැවී 148 (මුරලි විජේ 18, මහේන්ද්‍ර සිං දෝනි 82, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 13, ජේම්ස් ඇන්ඩසන් 51/2, ස්ටුවට් බ්‍රෝඞ් 27/2, කි‍්‍රස් ජෝර්ඞ්න් 32/3, ක‍්‍රිස් වෝක්ස් 30/3)

එංගලන්ත පිල පළමු ඉනිම  ඕවර 73 කදී කඩුලූ 5 ට 246 (ඇලෙස්ටියාර් කුක් 79, සෑම් රොබ්න්සන් 37, ගැරී බැලන්ස් 64, ජෝ රූට් නොදැවී 11, මුයින් අලී 14, ජෝස් බට්ලර් නොදැවී 12, වරුන් ඒරන් 84/2, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 44/2)

 

- 048 


අදහස් (0)

එංගලන්තය ලකුණු 98 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.