Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එංගලන්ත කී‍්‍රඩකයෝ කුක් වටා රොක්වෙති

එංගලන්ත කී‍්‍රඩකයෝ කුක් වටා රොක්වෙති

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

අළු බඳුන තරගාවලියේදී ලබාගත් 5 - 0 ක ජයග‍්‍රහණයෙන් පසුව එංගලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියත් මේ වන විට ජයගෙන සිටින  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තම පැරණි ප‍්‍රතිවාදියාට නැවතත් 5 - 0 ක පරාජයක් අත්කර දීමේ පිඹුරුපත් සකස් කරමින් සිටී.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වැනි තරගයත් ජයගත්  ඕස්ටේ‍්‍රලියානුවෝ මේ වන විට 3 - 0 ක් ලෙසින් ඉදිරියෙන් සිටිති.
මෙම තත්ත්වය හොඳින්ම දන්නා නමුත් අසරණ වී සිටින තම නායකයා වන ඇලිස්ටෙයාර් කුක් වටා එංගලන්ත කී‍්‍රඩකයෝ එක්රැස් වී සිටිති.

එංගලන්ත නායකයා පසුගියදා ප‍්‍රකාශ කර සිටියේ ලබන 26 වැනිදා ඇඩිලේඞ්හිදී පැවැත්වෙන අවසන් එක්දින තරගයෙන් පසුව නායකත්වයේ රැඳී සිටීම සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලන බවයි.

කෙසේ වෙතත් එංගලන්ත පිලේ ද`ග පන්දු යවන කී‍්‍රඩක ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් පවසා සිටියේ තම කණ්ඩායම තුළ තවමත් සටන්කාමීත්වය ඉතිරිවී තිබෙන බවත් තම නායකයා වෙනුවෙන් උපරිම සහයෝගය දෙන බවත්ය.

”මේ තරගාවලියේදී අපි ඒ තරම් හොඳින් කී‍්‍රඩා කළේ නැති බව අප දන්නවා. ඒත් ඉතිරි තරග දෙකට අපි නොසැලී මුහුණ දෙනවා”

”අප දැන් සිතා බලමින් ඉන්නේ ඉදිරි තරග දෙකේදී සාර්ථක වෙන්නේ කොහොමද කියන එකයි. ඒක ඉදිරි තරග දෙකට විතරක් නොවේ, මේ වසර පුරාත්, මීලග ලෝක කුසලාන තරගාවලියටත් අදාළයි” යයිද ටෙ‍්‍රඞ්වෙල් පැවසීය.

දෙපිල අතර සිවුවැනි එක්දින තරගය ලබන සිකුරාදා (24 වැනිදා) පර්ත්හිදී පැවැත්වෙන අතර අවසන් එක්දින තරගය 26 වැනිදා ඇඩිලේඞ්හිදී පැවැත්වේ. පර්ත්හිදී පැවැත්වෙන තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු උපනායකයා වශයෙන් මිචෙල් ජොන්සන් පත්කරනු ලැබ ඇත.

”අප තුළ එංගලන්තය කෙරේ අනුකම්පාවක් නැද්ද කියා බොහෝ දෙනෙක් අපෙන් අහනවා”

”ඒත් පසුගිය කාලය පුරාම එංගලන්තය අපව විනාශ කළා. ඒ නිසා ඔවුන් ගැන කිසිම අනුකම්පාවක් අපට නෑ... බොහෝ වෙලාවට මේ එක්දින තරගවලියත් 5 - 0 ක් ලෙස දිනාගන්න අපට පුළුවන්” යයි 32 හැවිරිදි මිචෙල් ජොන්සන් පැවසීය.


අදහස් (1)

එංගලන්ත කී‍්‍රඩකයෝ කුක් වටා රොක්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.