Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය විසින් සකස් කරන ලද කොවිඩ්-19 නියමයන් කිසිඳු ක්‍රීඩකයකු කඩ නොකළ බව පැවසූ එංගලන්ත කණ්ඩායමේ අධ්‍යක්ෂ ඈෂ්ලි ජයිල්ස් මහතා සිය ක්‍රීඩකයින් ආරක්ෂා කළේය.
එංගලන්ත ක්‍රීඩකයින් තිදෙනෙකු සහ නිළධාරීන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සිව්දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්තානයට එරෙහි තරඟාවලිය සඳහා සම්පූර්ණයෙන්ම වෙනස් සංචිතයක් තෝරා ගැනීමට එංගලන්ත කළමනාකාරිත්වයට සිදුවිය.
ඔයින් මෝගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත එක්දින කණ්ඩායම මේ වනවිට හුදෙකලා කර ඇති අතර පාකිස්තානයට එරෙහි එක්දින තරගාවලියේදී බෙන් ස්ටොක්ස් විසින් එංගලන්තය මෙහෙයවනු ඇත.
“ක්‍රීඩකයන් කොවිඩ්-19 නියමයන් කිසිවක් උල්ලංඝනය කර නොමැති බව මට විශ්වාසයි. එය (වයිරසය) ආරම්භ වූයේ කොහොමද කියලා අපට කියන්න බෑ. නමුත් සමීප සම්බන්ධතා තුළින් සමහර අයට මෙය වැළඳී ඇති ආකාරය අපට හඳුනා ගන්න පුලුවන් වුනා.”
“නමුත් අපි අවදානම් වැඩ කලේ නෑ. මම විශ්වාස කරනවා අපේ ක්‍රීඩකයන් කවුරුවන් අවදානම් වැඩ කලේ නෑ කියලා. අවදානම පිළිබඳව හොඳින් දැනගෙන තමා අපි සියළු දෙනා හැම වෙලාවෙම වැඩ කලේ” යැයි ජයිල්ස් මහතා වැඩිදුරටත් පැවසීය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.