Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර පැවැති විස්සයි:20 ලෝක කුසලාන තරගයේ නියමිත කාලය තුළදී ඕවර 20 යවා අවසන් නොකිරීම හේතුවෙන් එංගලන්ත පිලටද දඩ නියම කර තිබේ. නියමිත කාලය තුළදී යැවිය යුතු ඕවර සංඛ්‍යාවට වඩා ඕවර දෙකක් අඩුවෙන් යැවීම නිසා මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කළ ඕස්ටේ‍්‍රලියානු ජාතික ඬේවිඞ් බූන් මහතා විසින් මෙම දඩය නියම කර තිබේ.
ඒ අනුව එංගලන්ත නායක ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ තරග මුදලින් 40% ක්ද කී‍්‍රඩකයන්ගේ තරග මුදලින් 20% ක්ද දඩ ලෙස නියම කර තිබේ.
මෙම තරගයේදී නියමිත කාලය තුළදී ඕවර අඩුවෙන් යැවීම හේතුවෙන් ශී‍්‍ර ලංකා පිලේ නායක දිනේෂ් චන්දිමාල්ට තරගයක් තහනම් කරන ලද අතර ඔහුට තරග මුදලින් 20% දඩයකට යටත් වීමට සිදුවිය.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නීති රීති අනුව විස්සයි:20 තරගයකදී නියමිත කාලය තුළදී ඕවර 20 ක් යවා අවසන් නොකරන්නේ නම් පළමු අවස්ථාවේදී තරග මුදලින් 20% දඩයකට යටත් වීමට කණ්ඩායම් නායකයාට සිදුවන අතර කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ට 10% ක දඩයක් නියම කෙරේ. කෙසේ වෙතත් වසරක කාලයක් තුළදී නැවත වරක් එම වරදටම හසුවන්නේ නම් නායකයාට තරගයක් තහනම් කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.