Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගයේ ජය ගුරුකුලයට

එක්දින තරගයේ ජය ගුරුකුලයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ ශ්‍රී ධර්මාලෝක විදුහල අතර පැවැති 28 වැනි ‘කැලණි හටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති එක්දින තරගයෙන් ලකුණු 137 ක පහසු ජයක් වාර්තා කිරීමට ගුරුකුල විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹාගිය ධර්මාලෝක විදුහල් කණ්ඩායමට ප්‍රවීන් නිමේෂ් ප්‍රමුඛ ගුරුකුල විදුහල් පන්දු යවන්නන් හමුවේ ඕවර 37.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ප්‍රවීන් නිමේෂ් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත් අතර නුවන් චානක ලකුණු 15 කට කඩුලු 2 ක්ද, දිලිප් චාමර ලකුණු 30 කට කඩුලු 2 ක්ද දවාගනිමින් ධර්මාලෝක විදුහලේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ප්‍රවීන්ට අනගි සහායක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ගුරුකුල විදුහල් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 278 ක් ලබාගත් අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ කෙමිර නයනතරු (98) සහ ප්‍රවීන් නිමේෂ් (84) ගුරුකුල විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.

එහිදී ධර්මාලෝක විදුහල් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ යුගීෂ දිල්ෂාන් ලකුණු 47 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

ගුරුකුල විදුහල ඉනිම - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 278
(කෙමිර නයනතරු 98, ප්‍රවීන් නිමේෂ් 84, දිලිප් චාමර 24, ශානක ඉෂාර නොදැවී 23, යුගීෂ දිල්ෂාන් 47/5)

ධර්මාලෝක විදුහල ඉනිම - ඕවර 37.5 කදී සියලු දෙනා දැවී 141
(යුගීෂ දිල්ෂාන් 45, සුභූති නිල්ෂාන් නොදැවී 22, ප්‍රවීන් නිමේෂ් 15/3, නුවන් චානක 15/2, දිලිප් චාමර 30/2)


- 036

 


අදහස් (0)

එක්දින තරගයේ ජය ගුරුකුලයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.