Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news එක්දින තරගයේ ජය ශාන්ත ජෝෂප් විදුහලට

එක්දින තරගයේ ජය ශාන්ත ජෝෂප් විදුහලට

ශනුක අරවින්ද - 2019 මාර් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මරදාන ශාන්ත ජෝෂප් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර පැවැති ‘ශාන්තුවරුන්ගේ සටන’ මහා ක්‍රිකට් තරගයට සමගාමීව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී ඊයේ (24 වැනිදා) පැවැති 45 වැනි වාර්ෂික එක්දින තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 10 කින් ජයගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 251 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ ඕවර 41 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් ලබා සිටියේය. එහිදී සන්තුෂ් ගුණතිලක (52) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල ඕවර 49.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 250 ක් ලබාගත් අතර ලක්ෂාන් ගමගේ (101) ශතකයක්ද, සචින්ත රවිඳු (74) අර්ධ ශතකයක්ද ලබාගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 250  
(ලක්ෂාන් ගමගේ 101, සචින්ත රවිඳු 74, තාරික් සබූර් 43/4, සන්තුෂ් ගුණතිලක 51/3)

ශාන්ත පීතර විදුහල - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 175  
(සන්තුෂ් ගුණතිලක 52, දිනිත් අංජුල 32, ශිවාන් පෙරේරා නොදැවී 24, ශැනන් ප්‍රනාන්දු 20, අෂේන් ඩැනියෙල් 26/3)

-036


අදහස් (0)

එක්දින තරගයේ ජය ශාන්ත ජෝෂප් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.