එල්ලේ ජය මිලාන්හි සාන්ත මරියාට
(චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට)
ඉතාලියේ මිලාන් නුවර ක්‍රිස්ටි රාජ් මහතා ඇතුලු මිතුරු කැල 5 වන වරටත් සංවිධානය කල රණවිරු උපහාර කණ්ඩායම් 8 එල්ලේ තරඟමාලාවේ ශුරතාව දිනා ගැනිමට මිලාන් හි සාන්ත මරියා කණ්ඩායම සමත් විය.
මිලාන් හි නොවාරා ක්‍රීඩාංගණයේ පැවති තරඟාවලියට මිලාන් සාන්ත ජෝශප් මෙම මිලාන් සාන්ත ආනා, මෝදනා එකමුතු, වෙරොනා එක්සත්, මිලාන් පාතීමා, මිලාන් සිංහ පැටව්, මිලාන් සාන්ත ආනා, මිලාන් සාන්ත මරියා, වෙරොනා සඳතරු යන කණ්ඩායම් එක්ව සිටියහ.
අවසන් මහා තරඟයේදි පළමුවෙන් පන්දුවට පහර දුන් මෝදනා එකමුතු කණ්ඩායම පන්දු 7 දි කිසිදු ලකුණක් ලබා නොගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මිලාන් සාන්ත මරියා කණ්ඩායම පන්දු 4 දි ලකුණු 1 ක් ලබා ජයග්‍රහණය කලේය.
ජායාරූපය - ජයග්‍රාහි මිලාන්හි සාන්ත මරියා ක්‍රීඩා සාමාජය