Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රට තුළ උද්ගතව පවතින වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ කටයුතු වසරකට ආසන්න කාලයක් තිස්සේ මුළුමනින්ම ඇනහිට තිබේ. ඒ හේතුවෙන් මේ වනවිට ජාඇළ පිහිටි එල්ලේ සම්මේලන මූලස්ථානය ද වසා දමා තිබේ.
එල්ලේ සම්මේලනයේ වත්මන් විධායක සභාව බලයට පත්වූයේ වසර 2020 අගෝස්තු 29 වැනිදා පැවැති නිලවරණයෙනි. ව්‍යාපාරිකයකු වන ජයතිස්ස රුද්‍රිගු මහතා එහිදී පමුණුගම සී-ලයන්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් සභාපති ධුරයට නිතරගයෙන් පත්විය.
වත්මන් විධායක සභාව පත්වීමෙන් පසුව මෙතෙක් කළ එකම කාර්යය වූයේ වසර 2018 ජාතික එල්ලේ තරග මාලාවේ අත්හිටුවා තිබූ තෙවැනි ස්ථානය තේරීමේ තරගය හා අවසන් මහා තරගය පවත්වා අවසන් කිරීම පමණි. එය ද වත්මන් සභාපතිවරයාගේ පෞද්ගලික වියදමෙනි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එල්ලේ සම්මේලනය ආරම්භ කිරීමට සූදානම් කර තිබූ වැඩසටහන් රැසක් මේ වනවිට අත්හැර දැමීමට සිදුව ඇතැයි ‘ලංකාදීප’ය කළ විමසුමකදී ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම් ප්‍රියන්ත මද්දුමගේ මහතා පැවැසීය. කෙසේ වුවත් මෙරට එල්ලේ ක්‍රීඩා සමාජ ලියාපදිංචි කිරීම සඳහා ආරම්භ කළ වැඩසටහනත්, වසර 2021 ජාතික එල්ලේ තරග මාලාව පැවැත්වීමේ උත්සාහයක් ලෙස ක්‍රීඩා සමාජ වෙතින් අයැදුම්පත් කැඳවීමට ගත් උත්සාහයත්, රට තුළ දිගින් දිගටම සංචරණ සීමා පැනවීමේ තත්ත්වයත් තුළ මේ වනවිට අසාර්ථක වී ඇතැයි ද මද්දුමගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
“මෙහෙම තත්ත්වයක් තුළ අපි කොහොම ද වැඩ කරන්නේ. කොහොම ද වැඩසටහන් ලෑස්ති කරන්නේ. අපි කොහොම වැඩ කරන්න උත්සාහ කළත් මේ තියෙන තත්ත්වය තුළ සෞඛ්‍ය බලධාරීන් අපට වැඩ කරන්න දෙන්නෙත් නෑ. දැන් අපිට වෙලා තිබෙන්නේ වෙන දේ දිහා බලන් ඉන්න එක විතරයි” යයි ද එල්ලේ සම්මේලනයේ ලේකම්වරයා පැවැසීය.
අවාසනාවන්ත සිදුවීමක් වන්නේ වත්මන් විධායක සභාව පත්වීමට පෙර එල්ලේ සම්මේලනයේ ක්‍රියාත්මක වූ හිටපු විධායක සභාව ද වසර දෙකක් නිකන්ම කාලය කා දැමූ පාලන සමයක් ලෙස චෝදනා ලැබීමය. ඒ හේතුවන් වසර 2018 ජාතික එල්ලේ තරගාවලියේ අවසන් මහා තරගය පවත්වා අවසන් කිරීම වසර 2021 මාර්තු මාසය දක්වා ඇදී ගියේය.
එල්ලේ සම්මේලන සභාපති ධුරය දැරුවේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු වූ, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා විසිනි. දේශීයව බිහි වූ ක්‍රීඩා ඉසව්වක් වන එල්ලේ ජාත්‍යන්තර තරග සහභාගිත්වයක් නොමැති ක්‍රීඩා ඉසව්වකි.
1962 දී ස්ථාපිත එල්ලේ සම්මේලනයේ පසු කාලීනව මුල් පුටුව දැරූ අය අතර ප්‍රබල කැබිනට් ඇමැති ධුර දැරූ දේශපාලනඥයන් ද රැසකි. ජෝශප් මයිකල් පෙරේරා මහතා එහි මුල් පුටුව දරන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය ද දරමින් සිටියේය.
එල්ලේ සම්මේලනයේ විධායක සභාවේ සංයුතිය 23කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.