Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එස්.එස්.සී, සී.සී.සී, සැරසන්ස් සහ මූවර්ස් යන කණ්ඩායම් අද (15 වැනිදා) සමත්විය.
අර්ධ අවසන් පූර්ව තරග කෝල්ට්ස්, පී.සරවනමුත්තු, කටුනායක මේරියන්ස් සහ එන්.සී.සී ක්‍රීඩාංගණවලදී පැවැතියේය. එහිදී රාගම පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිලත්, එන්.සී.සී පිලට එරෙහිව ලකුණු 46 ක ජයක් හිමිකර ගැනීමට සී.සී.සී පිලත් සමත්විය. පානදුර පිලට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට සැරසන්ස් පිල සමත්වූ අතර යුදහමුදා පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට මූවර්ස් පිල සමත්විය.
එස්.එස්.සී සහ සැරසන්ස් කණ්ඩායම් අතර පළමු අවසන් පූර්ව තරගය එන්.සී.සී ක්‍රීඩාංගණයේදීත් සී.සී.සී සහ මූවර්ස් කණ්ඩායම් අතර දෙවැනි අවසන් පූර්ව තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී 17 වැනිදා පැවැත්වේ.
අවසන් මහ තරගය 19 වැනිදා ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මූවර්ස් පිලට කඩුලු 5 ක ජයක්
යුදහමුදාව සහ මූවර්ස් කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
යුදහමුදාව - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 209
(දුශාන් විමුක්ති 22, දිල්ශාන් ද සොයිසා 57, සීකුගේ ප්‍රසන්න 39, සංජික රිද්ම 22, ජනිත් සිල්වා 35, ශිරාන් ප්‍රනාන්දු 25/4, රමේෂ් මෙන්ඩිස් 38/2, නිමන්ද සුබසිංහ 39/2)
මූවර්ස් - ඕවර 39.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 210
(ඉරෝෂ් සමරසූරිය 21, චාමර සිල්වා නොදැවී 77, රමේෂ් මෙන්ඩිස් 53, සීකුගේ ප්‍රසන්න 48/3)
එස්.එස්.සී පිලට කඩුලු 5 ක ජයක්
රාගම සහ එස්.එස්.සී කණ්ඩායම් අතර පී.සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී
රාගම - ඕවර 49.5 කදී සියලුදෙනා දැවී ලකුණු 204
(සමීර ද සොයිසා 31, සංජය චතුරංග 58, ඉෂාන් ජයරත්න 42, නුවන් ප්‍රදීප් 30/4, ධම්මික ප්‍රසාද් 35/3, සචිත්‍ර සේනානායක 38/2)
එස්.එස්.සී - ඕවර 39.2 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 205
(සඳුන් වීරක්කොඩි 64, සචිත්‍ර සේනානායක නොදැවී 96, ආකාෂ් සේනාරත්න 21, අමිල අපෝන්සු 33/2, නිශාන් පිරීස් 63/2)
සී.සී.සී පිලට ලකුණු 46 ක ජයක්
සී.සී.සී සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
සී.සී.සී - ඕවර 48.3 කදී සියලුදෙනා දැවී ලකුණු 297
(ඩිල්ෂාන් මුණවීර 31, රොන් චන්ද්‍රගුප්ත 24, මාධව වර්ණපුර 56, මිනෝද් භානුක 66, වනිඳු හසරංග 51, ලසිත් අබේරත්න 31, චාමික කරුණාරත්න 36/4, දිලේෂ් ගුණරත්න 46/2)
එන්.සී.සී - ඕවර 46.4 කදී සියලුදෙනා දැවී ලකුණු 251
(ළහිරු උදාර 96, මහේල උඩවත්ත 43, හසිත බෝයගොඩ 50, නිමේෂ ගුණසිංහ 25, ළහිරු ගමගේ 53/3, මාලින්ද පුෂ්පකුමාර 32/2, ඩිල්ෂාන් මුණවීර 39/2)
සැරසන්ස් පිලට කඩුලු 7 ක ජයක්
පානදුර සහ සැරසන්ස් කණ්ඩායම් අතර එන්.සී.සී ක්‍රීඩාංගණයේදී
පානදුර - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී ලකුණු 245
(විශ්ව චතුරංග 42, මිෂේන් සිල්වා 35, අසන්ත බස්නායක 75, සාලිය සමන් 48/3, රනිත ලියනාරච්චි 31/2, ඇන්ඩි සොලමන්ස් 61/2)
සැරසන්ස් - ඕවර 42.4 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 249
(රනිත ලියනාරච්චි 44, ඇන්ඩි සොලමන්ස් 51, ගමිදු අමරසිංහ 56, මිලින්ද සිරිවර්ධන නොදැවී 69, අශේන් බණ්ඩාර නොදැවී 25, ශෙහාන් වීරසිංහ 54/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.