Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන් වෙනුවෙන් කොළඹ අසරණ සරණ සමිතිය 29 වැනි වරට සංවිධානය කරන ‘එඩෙක්ස් 2022’ ක්‍රීඩා උළෙල මේ මස 13 වැනිදා කොළඹ 2, ගුවන් හමුදා මුලස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එදින පෙරවරු 9.00 ට කාන්තා සහ පිරිමි පාපැදි තරගයෙන් ආරම්භ වන මෙම ක්‍රීඩා උළෙල ජවන හා පිටිය ක්‍රීඩා ඉසව් 64 කින් සමන්විත වේ. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 ක් පමණ සහභාගි වීමට නියමිතය.
හමුදා ක්‍රියාන්විතයේදී, රිය අනතුරුවලින්, විශබීජ ශරීරගත වීමෙන්, දියවැඩියාව නිසා පාද අහිමි වූ සහ උපත්තියෙන් පාද අහිමිව උපදින අය ජායිපූර් ආයතනයේ කෘතිම පාද, කෘතිම අත් සහ කැලිපර්ස් උපකරණ පළඳින්නන් අතර වෙති.
ශ්‍රී ලංකාවේ නන් දෙසින් පැමිණෙන තරගකරුවන් සඳහා නොමිලේ උදේ ආහාරය සහ දිවා ආහාරය ලබාදීමට කොළඹ අසරණ සරණ සමිතිය කටයුතු යොදා තිබේ. ඩිල්මා තේ සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි. ගුවන් හමුදාව, ෆොන්ටේරා ලංකා පිටිකිරි සමාගම, ලංකා මිල්ක් ෆුඩ් සමාගම සහ කාර්ගීල්ස් සමාගම ක්‍රීඩා උළෙලේ සෙසු අනුග්‍රාහකයෝ ලෙස කටයුතු කරයි.
කොළඹ අසරණ සරණ සමිතියේ පාලක මණ්ඩලයේ සාමාජිකයන්, පරිපාලන හා කාර්මික අංශවල සේවකයන් මෙන්ම මියුසියස් බාලිකා විද්‍යාලයීය බාලදක්ෂිකාවන්, කොළඹ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ටෝල්බන් ටුවර්ස් සේවක සේවිකාවෝ ද මෙම ක්‍රීඩා උළෙල සඳහා සිය දායකත්වය දෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.