Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ජාතික ඔලිම්පික් කමිටුවේ සිදුවී ඇතැයි කියන මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ වාර්තාවක් නීතිපතිවරයාට බාරදීමට ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය මේ වනවිට කටයුතු කර තිබේ.
එහි අරමුණ විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය ලබා ගැනීමය. වසර 2016 ‘‘රියෝ’’ ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන් දෙදෙනකු අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ඩොලර් දසදහසක් හෙවත් එවකට වටිනාකමින් ශ්‍රී ලංකා රුපියල් පහළොස් ලක්‍ෂයකට ආසන්න මුදලක් ගමන් වියදම් සඳහා ලබාගෙන තිබියදී ඒ සඳහා වන වියදම් මෙරටින්ද ලබාගත් බවට ඔවුන්ට මෙම සිදුවීමේදී චෝදනා එල්ල විය.
රජයේ විගණකාධිපතිවරයගේ වාර්තාවක් පදනම් කරගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා කළ දැනුවත් කිරීමක් අනුව ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය මෙම විමර්ශනය ආරම්භ කළේ එයින් නීතියට පටහැනි දෙයක් සිදුවී තිබේදැයි තොරතුරු හෙළිකර ගැනීම සඳහාය.
කෙසේ වුවත් සිය විමර්ශනය අවසන් කිරීමෙන් පසුව වාර්තාව නීතිපතිවරයාට ඉදිරිපත් කර ඇත්තේ එය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ඔහුගේ මතය විමසීම සඳහාය.
වාර්තා වන පරිදි විමර්ශනයේදී හෙළිකර ගෙන ඇත්තේ ගමන් වියදම් සඳහා ලැබුණු බව කියන ඩොලර් ප්‍රදානය ඔලිම්පික් කමිටුවේ ප්‍රධානියකුගේ පෞද්ගලික ගිණුමකට පළමුව බැරවී තිබෙන නමුදු එය ඉන් ඉවත්කර ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුමට බැර කිරීමට පසුව පියවර ගෙන තිබෙන බවයි.
ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යුහය අනුව ඔවුන් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට වග කියන සංවිධානයක් වන බැවින් විමර්ශනයේදී නීතිපතිවරයාගේ මතය ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය විශේෂ වැදගත්කමක් ගන්නා බවද වාර්තා වේ.
කෙසේ වුවත් මෙම සිදුවීම අළලාම පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයටත් පසුගිය දෙසැම්බර් මාසයේදී පැමිණිල්ලක් ඉදිරිපත් විය.
එම පැමිණිල්ලට අනුව නොබෝදා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා එම ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.
කෙසේ වුවත් ඔහු එදින එම ඒකකයට නොපැමිණි අතර ජාතික ඔලිම්පික් කමිටුවේ මතය වී ඇත්තේ එකම චෝදනාවකට පොලිස් පැමිණිලි දෙකක් ඉදිරිපත් වීමේ පදනමක් නොමැති බැවින් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ පෙනීසිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
ඒ අනුව විශේෂ පොලිස් ක්‍රීඩා වැරදි සෙවීමේ ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොන්සේකා මහතාගෙන් මේ වනවිට ඒ සම්බන්ධයෙන් ඔවුන් සිදුකළ විමර්ශනයේ වාර්තාවක් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසින් ඉල්ලා ඇතැයිද වාර්තාවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.