Last Update  :  2024-12-27 20:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් විශේෂ මහ සභා රැස්වීම අද

ඔලිම්පික් විශේෂ මහ සභා රැස්වීම අද

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභා රැස්වීමක් අද (13) පස්වරු 5 ට එම කමිටු ශ්‍රවණාගාරයේදී කැදවා තිබේ. කමිටුවේ වත්මන් සභාපතිවරයා හා මහ ලේකම්වරයා අතර ඇතිවී තිබෙන බව කියන ගැටුමෙන් ජාතික ඔලිම්පික් කමිටුවට සිදුව තිබෙන බලපෑම් සාකච්ඡා කිරීමටත් ඊට විසදුම් යෝජනා කිරීම සදහාත් මෙම විශේෂ මහ සභා රැස්වීම කැදවා තිබේ.

ජාතික ක්‍රීඩා සංගම් 16 කගේ ඉල්ලීමක් පරිදි මෙම විශේෂ මහ සභා රැස්වීම කැදවීමට පියවර ගෙන තිබේ. ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් 27 ක් අද කැදවෙන මෙම විශේෂ  මහ සභා රැස්වීමට ඇරයුම් ලබා තිබේ.

කමිටුවේ වත්මන් සභාපති සුරේෂ් සුබ්‍රමනියම් හා මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වා යන මහත්වරුන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැන නැගී තිබෙන බව කියන මත ගැටුම් මේ වන විට සුබ්‍රමනියම් මහතා විසින් සිල්වා මහතාට එරෙහිව අධිකරණයේ අපහාස නඩු පැවරීම දක්වා දුර දිග ගොස් තිබෙන වාතාවරණයක්  තුළ මෙම විශේෂ මහ සභා රැස්වීම පැවැත්වේ.

මෙම තත්වය අවසන් කිරීමේ උත්සහයක් ලෙස අද විශේෂ මහ සභාව වෙත වත්මන් විධායක සභාව විසුරුවා හැර ජාතික ඔලිම්පික් කමිටුව සදහා හැකි ඉක්මනින් නිලවරණයක් කැදවිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක් සැරසී සිටින බවද වාර්තාවේ.

කෙසේවූවත් ඒ සදහා ඉදිරිපත් වන යෝජනාවක් තුනෙන් දෙකකින් සම්මත කළ යුතුව ඇත. හදිසි නිලවරණයකට යාම  සභාපති සුබ්‍රමනියම් මහතා ප්‍රතික්ෂේප කර තිබේ. ඔහුගේ මතය වන්නේ වත්මන් විධායක සභාවේ නිල කාලය ගෙවා අවසන් වන තුරු එවැනි හදිසි නිලවරණයකට යාම ව්‍යවස්ථාවට පටහැණි බවයි.

මේ අතර ඔලිම්පික්  කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් විමර්ෂණ ඔලිම්පික් වාර්තාවක් පදනම් කර ගනිමින් මහ ලේකම්වරයා සම්බන්ධයෙන් ලබාදී තිබෙන නිර්දේෂ සම්බන්ධයෙන් පැන නැගී තිබෙන තත්වයන්ද අද විශේෂ මහ සභාවේදී සාකාච්ඡාවට ගැනීමට නියමිතය.

ජාතික ඔලිම්පික් කමිටුවේ මෙම වසරට නියමිත වාර්ෂික මහ සභා රැස්වීම දෙසැම්බර් 30 වැනිදාට කැදවා තිබේ.


අදහස් (0)

ඔලිම්පික් විශේෂ මහ සභා රැස්වීම අද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.