Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඔලිම්පික් - පැරලිම්පික් ජෛව ආරක්‍ෂක බුබුලක

ඔලිම්පික් - පැරලිම්පික් ජෛව ආරක්‍ෂක බුබුලක

editorial - 2021 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේ ජූලි මස 23 වැනිදා සිට ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය 19 වැනිදා සිට 21 වැනි දින දක්වා පුරා දින 03 ක් අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලදී. එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මෙවර ඔලිම්පික් සහ පැරලිම්පික් තරගාවලිය “ජෛව ආරක්ෂක බුබුලක්” යන සංකල්පයට අනුව පවත්වන්නට අවශ්‍ය විධිවිධාන සිදුකරමින් සිටින්නේ යැයි මෙවර ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුවේ බේස්බෝල් සහ සොෆ්ට් බෝල් ක්‍රීඩා අංශයේ නියෝජ්‍ය තාක්ෂණික කළමනාකරු සුජීව විජේනායක මහතා කියයි.

මෙම විශේෂ සාකච්ඡාවට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපතිවරයාද, ජපාන ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් එහි සභාපතිවරිය වන හෂිමොතෝ මහත්මියද, ජපාන රජය නියෝජනය කරමින් ඔලිම්පික් ක්‍රීඩා අමාත්‍යවරිය වන මරුකවා අමාත්‍යවරියද සත්කාරක ටෝකියෝ නගරය නියෝජනය කරමින් ආණ්ඩුකාරවරිය වන කොයිකේ මහත්මියද සහභාගි වූහ. මෙහි සුවිශේෂීත්වය වන්නේ ජපානය නියෝජනය කරමින් සහභාගි වූ තිදෙනාම කාන්තාවන් වීමය.

දින 03ක් පුරා පැවැති මෙම විශේෂ රැස්වීමේදී කොරෝනා උවදුරත් සමග ඔලිම්පික් උළෙල පැවැත්විය හැකි ආකාරය පිළිබඳව විශේෂ අවධානයකට ලක්විය.

ඔලිම්පික් තරග කාලසීමාව තුළ ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීම සහ සෞඛ්‍යාරක්ෂාව තරකිරීමට දිනකට වෛද්‍යවරුන් 230 ක් සහ හෙද නිලධාරීන් 310 ක් බැගින් ඔලිම්පික් ක්‍රීඩා උළෙල ආරම්භයේ සිට අවසානය දක්වා දිනපතා අවශ්‍ය වන බව මාධ්‍යයට ප්‍රකාශ කෙරිණ. මේ වනවිට මෙම ඉලක්කය කරා ආසන්න වෙමින් සිටින බවද දැනගන්නට ලැබේ.

ජපානයේ වැසියන්ට කොරෝනා එන්නත ලබාදීමේ යම්කිසි ප්‍රමාදයක් පවතින අතර 21 වැනි දින රැස්වීම අවසානයේ ටෝකියෝ ආණ්ඩුකාරවරිය සහ අගමැති නිලනිවසේ විශේෂ රැස්වීමක් පවත්වන ලදී. එහිදී කොරෝනා එන්නත ටෝකියෝ වැසියන්ට ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳව වැඩිවශයෙන් සාකච්ඡා කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස කොරෝනා එන්නත ලබාදීමේ විශේෂ ගොඩනැගිල්ලක් සෑදීමට තීරණය කරන ලදී.

 


අදහස් (0)

ඔලිම්පික් - පැරලිම්පික් ජෛව ආරක්‍ෂක බුබුලක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.