Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕමානයට ගංවතුර

ඕමානයට ගංවතුර

editorial - 2021 ඔක් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕමානයට බලපෑ ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයාම් හමුවේ පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වූ ඇතැයි වාර්තා වේ. විපතට පත් වූවන්ගෙන් 7 දෙනෙකු බටිනා කලාපයේදී මිය ගොස් ඇතැයි හදිසි අනතුරු කළමනාකරණය සඳහා වූ ජාතික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. තවත් පුද්ගලයන් රැසක් අතුරුදහන් වී ඇති බවටද වැඩිදුරටත් එහි සඳහන් වේ.

ගංවතුරෙන් ගසාගෙන ගිය ළමයෙකුද ඉරිදා (3 වැනිදා) වාර්තා මරණ හය අතර වන අතර ගොඩනැගිල්ලක් නාය යාමෙන් මියගිය ආසියානු ජාතිකයින් දෙදෙනෙකු ඒ අතර වන බව වාර්තාවේ. අද දිනයේදී ඕමානයේ ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් රටේ උතුරු වෙරළ තීරයේ අතරමං වූවන්ගේ ආරක්ෂාව සඳහා පියවර ගෙන තිබේ.

බොහෝ ප්‍රදේශ වල ගස් කඩා වැටී වීදි ජලයෙන් යට වූ නමුත් මේ වන විට මස්කට් නුවර යථා තත්ත්වයට පත්ව ඇති අතර සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ ෂහීන් සුලිකුණාටුවේ බලපෑම අවසන් වී ඇති බවය. ඉරානයේ ගල්ෆ් කලාපය හරහා හමාගිය මෙම කුණාටුව හේතුවෙන් ඉරිදා දිනයේදී පුද්ගලයින් හය දෙනෙකු මියගිය බව වාර්තා වූ අතර ඕමානයට මායිම්ව පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යයද මේ වන විට  සීරුවෙන් තබා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ‍විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට පෙර විස්සයි20 තරග 2 කට ක්‍රීඩා කිරීම සඳහා මේ වන විට ඕමානය බලා ගොස් සිටියි.
 

-036


අදහස් (0)

ඕමානයට ගංවතුර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.