Last Update  :  2025-04-22 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕෂද - ප්‍රියමාල් එක්දින සංචිතයට

ඕෂද - ප්‍රියමාල් එක්දින සංචිතයට

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී ලබන මාර්තු මස 3 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියට සහභාගි වීම සඳහා නම් කළ 17 දෙනකුගෙන් යුත් සංචිතයට නවක ක්‍රීඩකයන් වන ඕෂද ප්‍රනාන්දු සහ ප්‍රියමාල් පෙරේරා ඇතුළත්ව සිටිති.

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි පවසමින් අන්තර්ජාතික ක්‍රිකට් සභාව පන්දු යැවීම තහනම් කර තිබූ පිට දඟ පන්දු යවන අකිල ධනංජයට නැවත පන්දු යැවීමට අවසර ලැබීමත් සමඟ මෙම සංචිතයට ඇතුළත්ව සිටියි.

යොවුන් පිතිකරුවන් වන ඕෂද ප්‍රනාන්දු සහ ප්‍රියමාල් පෙරේරා මෙවර පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේදී ලකුණු දහස සම්පූර්ණ කිරීමෙන් මෙම අවස්ථාව හිමිකරගත්හ. ඕෂද, දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ටෙස්ට් වරම් ලැබීය.

යොවුන් පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු, අයර්ලන්ත ‘ඒ’ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී දස්කම් දැක්වීය.
එක්දින ක්‍රීඩකයන් වන ඇන්ජලෝ පෙරේරා, ඉසුරු උදාන සහ විශ්ව ප්‍රනාන්දු විස්සයි20 පිල නියෝජනය කළ කමිඳු මෙන්ඩිස් නැවතත් සංචිතයට කැඳවා සිටිති.

ලසිත් මාලිංග තව දුරටත් එක්දින පිලේ නායකයා ලෙස කටයුතු කරන අතර නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස නම් කර තිබේ.

 

ශ්‍රී ලංකා එක්දින සංචිතය:
ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), අවිෂ්ක ප්‍රනාන්දු, උපුල් තරංග, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂද ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්‍රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්‍ෂාන් සඳකැන්


අදහස් (0)

ඕෂද - ප්‍රියමාල් එක්දින සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.