Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් පූර්ව තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) නිමාවන විට පළමු ඉනිම වෙනුවන් පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 447 ක් ලබා සිටියේය.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි දිනය වර්ෂාව හේතුවෙන් ඕවර 61.3 කට සීමා කිරීමට සිදුවිය. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ළහිරු උදාර හතරේ පහර 9 ක් සමග ලකුණු 76 ක්ද, අෂීන් ඩැනියෙල් ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
පළමු දිනය වූ ඊයේ (31 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් ලබා සිටි මහනුවර ක්‍රීඩකයෝ, අද දිනයේදී කඩුලු 6 ක් අහිමිකර ගනිමින් සිය පළමු ඉනිමට තවත් ලකුණු 255 ක් එක්කර ගත්හ. එහිදී ඕෂධ ප්‍රනාන්දු (127) සහ නායක කමිඳු මෙන්ඩිස් (108) ශතක ලබාගනිමින් මහනුවර ඉනිම සවිමත් කළහ.
මහනුවර ඉනිමේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඕෂධ සහ කමිඳු සමත් වූහ. කෙසේ වුවත් අකිල ධනංජයගේ පන්දුවක් හමුවේ ඇන්ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් දෙමින් කමිඳු දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය.
ඕෂධගේ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින්ද, කමිඳුගේ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින්ද සමන්විත විය. නිරෝෂන් දික්වැල්ල පන්දු 38 කින් ලකුණු 38 ක් රැස්කළේ හතරේ පහර 3 ක් සමගිනි. ආරම්භක පිතිකරු කසුන් විදුර හතරේ පහර 6 ක් සමග ලකුණු 45 ක් රැස්කළේය.
මහනුවර පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 447
(කමිල් මිෂාර 18, කසුන් විදුර 45, ඕෂධ ප්‍රනාන්දු 127, කමිඳු මෙන්ඩිස් 108, ළහිරු උදාර නොදැවී 76, නිරෝෂන් දික්වැල්ල 38, ධනංජය ලක්ෂාන් 57/2, දිල්ෂාන් මධුෂංක 77/2, අකිල ධනංජය 85/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.