Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී හෙට (14) ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේදී එම රටවල් දෙකෙන් එකකට අන්තර්ජාතික ක‍්‍රිකට් සභා එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණීමේ අවස්ථාව හිමිවී තිබේ.
දකුණු අප‍්‍රිකාව සහ ඕස්ටේ‍්‍රලියාව මේ වන විට අන්තර්ජාතික ක‍්‍රිකට් සභා එක්දින ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.
ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට දින 93 ක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පැමිණෙමින් ඉහළ මානසික තත්ත්වයකට පැමිණීමට මෙම කණ්ඩායම් දෙකටම අවස්ථාව හිමිව තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දෙවැනි තරගය ජය ලබමින් ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉන්දියාව උසස්වීම් ලබා සිටියි. ඒ අනුව දකුණු අප‍්‍රිකාව සහ ඕස්ටේ‍්‍රලියාව දෙවැනි සහ තෙවැනි ස්ථානවලට ඇද වැටුණි.
ඉන්දියාව ඉදිරි තරග දෙකම ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු 117 ක් බවට පත්වන අතර තරග දෙකම පරාජයට පත්වුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 114 දක්වා පහත වැටේ.
දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය 4-1 ක් ලෙස ජයගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 117 ක් බවට පත්වන අතර දකුණු අප‍්‍රිකානු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 112 ක් දක්වා පහත වැටේ. දකුණු අප‍්‍රිකාව 4-1 ක් ලෙස තරගාවලිය ජය ලැබුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 118 ක් බවට පත් වන අතර ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 111 ක් බවට පත්වේ.
ඕස්ටේ‍්‍රලියාව 3-2 ක් ලෙස තරගාවලිය ජය ලැබුහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 115 ක් වන අතර දකුණු අප‍්‍රිකානු ප‍්‍රසාද ලකුණක් අඩු වේ. දකුණු අප‍්‍රිකාව එම ආකාරයට ජය ලැබුව හොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළට යන අතර ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රසාද ලකුණත් අඩු වේ.
අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්
ස්ථා. | රට | ප‍්‍ර.ල |
1 | ඉන්දියාව | 116 |
2 | දකුණු අප‍්‍රිකාව | 115 |
3 | ඕස්ටේ‍්‍රලියාව | 114 |
4 | ශ්‍රී ලංකාව | 111 |
5 | එංගලන්තය | 107 |
6 | පාකිස්තානය | 98 |
7 | නවසීලන්තය | 96 |
8 | බ.ඉ.කො. | 96 |
9 | බංග්ලාදේශය | 69 |
10 | සිම්බාබ්වේ | 58 |
11 | ඇෆ්ගනිස්තානය | 42 |
12 | අයර්ලන්තය | 33 |
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.