Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක දකුණු අපි‍්‍රකාවට එරෙහිව ඕස්ටේ‍්‍රලියාවේ පර්ත්හිදී අද (14 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලකුණු 32 ක ජයක් අත්කර ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත්විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 301 ක ඉලක්කයක් හඹාගිය දකුණු අපි‍්‍රකානු පිල, ඕවර 48.1 ක් අවසානයේ ලකුණු 268 කට සීමා කිරීමට ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 48 කට දකුණු අපි‍්‍රකානු පිලේ කඩුලූ 4 ක් බිඳහෙළුෑ ඕස්ටේ‍්‍රලියානු වේග පන්දු යවන කී‍්‍රඩක නෙදන් කූල්ටර්නයිල් තරගයේ වීරයා බවට පත්විය.
දකුණු අපි‍්‍රකානු ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට කිසිදු ඉඩක් නොදුන් මිචෙල් ජොන්සන්, ඔවුන් දෙදෙනාවම ලකුණු 18 ක් තුළ ආපසු කී‍්‍රඩාගාරයට හරවා යැවීමට සමත්විය.
පළමු කඩුලූ 4 ලකුණු 76 ක් තුළ දැවී ගියත්, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 122 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නායක ඒ. බී. ඩිවිලියර්ස් (80) සහ ඬේඩිඞ් මිලර් (65) දකුණු අපි‍්‍රකානු පිලට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කළහ.
ඔවුන් දෙදෙනාගේ දැවී යෑමෙන් පසුව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ඉම්රාන් තහිර් (22) සහ මෝර්නි මෝකල් (නොදැවී 22) සමත් වුවත් දකුණු අපි‍්‍රකානු පිල ජයග‍්‍රහණය කරා රැුගෙන යෑම සඳහා එය ප‍්‍රමාණවත් නොවීය.
පන්දු 76 කින් වාර්තා වූ ඒ. බී. ඩිවිලයර්ස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 65 කින් වාර්තා වූ ඬේඩිඞ් මිලර්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිල නියමිත ඕවර 50 අවසානයේදී කඩුලූ 8 ක් දැවී ලකුණු 300 ක් ලබාගත් අතර ඕස්ටේ‍්‍රලියානු පිලේ එකම අර්ධ ශතක ලාභියා වූ ජෝජ් බේලි, පන්දු 75 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කළේය.
ආරම්භක පිතිකරු යුගළය වූ ඬේවිඞ් වෝනර් (46) සහ ඒරන් ෆින්ච් (35) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 94 ක සමබන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ‍්‍රලියානු පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.
කණ්ඩායමේ 8 වැනි පිතිකරු ලෙස පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල්, පන්දු 19 කදී හතරේ පහර 5 ක් සමගින් වේගවත් ලකුණු 29 ක් රැුස්කරමින් තම කණඩායම ලකුණු 300 සීමාව කරා රැගෙන ගියේය.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ වර්නන් ෆිලැන්ඩර් ලකුණු 45 කට කඩුලූ 4 ක් දවාගනිමින් ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ට යම් පීඩනයක් එල්ල කිරීමට සමත්විය.
ඕස්ටේ‍්‍රලියානු පිල - ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 300
(ඬේවිඞ් වෝනර් 46, ඒරන් ෆින්ච් 35, ෂේන් වොට්සන් 13, ජෝජ් බේලි 70, මැතිව් වේඞ් 35, ග්ලේන් මැක්ස්වෙල් 29, මිචෙල් ජොන්සන් 13, වර්නන් පිලැන්දර් 45/4, ඬේල් ස්ටේන් 62/2)
දකුණු අපි‍්‍රකානු පිල - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 268
(ෆෆ් ඩුප්ලෙසි 31, ෆර්හාන් බෙහර්ඞීන් 20, ඒ. බී. ඩිවිලයස් 80, ඬේඩිඞ් මිලර් 65, ඉම්රාන් තාහිර් 22, මෝර්නි මෝකල් නොදැවී 22, නෙදන් කූල්ටර් නීල් 48/4, මිචෙල් ජොන්සන් 38/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.