Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය සමත්විය.
ගලගෙදර සරත් අමුණුගම ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් තුන් ඉරියව් දස්කම් දැක්වීමට සිසල් හේමක සමත්වූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් ලබාගැනීමට යෙනුල හේවාපතිරණ සමත්විය.
යෙනුල හේවාපතිරණ පන්දු 108 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහර 7ක් සමගින් ලකුණු 134 ක් රැස් කළේය. සිසල් හේමක පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 31කට කඩුලු 4 ක් දවාලූ අතර, පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 38 කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 61ක් රැස් කළේය.
නිශිත කරුණාරත්න ද පිත්තෙන් දස්කම් දක්වමින් පන්දු 97කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 76 ක් රැස් කළේය. ශාන්ත අන්තෝනි ඉනිමේදී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් යෙනුල හේවාපතිරණ සහ නිිශිත කරුණාරත්න ලකුණු 174 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට ද සමත්වූහ.
රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 139
(සසිඳු දිලක්ෂිත 64, සිසල් හේමක 31/4, භාෂිත සිල්වා 10/2, සනිතු ගුණතිලක 19/2)
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - පළමු ඉනිම ඕවර 50 කදී කඩුලු 7 ට 315 යි
(යෙනුල හේවාපතිරණ 134, නිශිත කරුණාරත්න 76, සිසල් හේමක නොදැවී 61)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.