Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් තරගාවලිය යටතේ ඉකුත් දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමත් අතර පැවැති තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කී‍්‍රඩක කිරාන් පොලාඞ් ප්ලාස්ටරයකින් සිය මුඛය වසාගෙන සිටීම බොහෝ දෙනාගේ කතාබහටත් කුතුහලයටත් ලක්විය.
පොලාඞ් එසේ සිය මුඛය ප්ලාස්ටරයකින් වසාගෙන සිටියේ ආබාධයක් හෝ තුවාලයක් නිසා නොව එම තරගයේ පිටියේ විනිසුරුවරයකු විසින් පිතිකරුවන්ගෙන් ඉවත් වී සිටින ලෙසත්, වචන හරඹවල නොයෙදන ලෙසත් අවවාද කිරීමට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසය.
පන්දුවට පහර දෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩක හා රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කි‍්‍රස් ගේල්ගේ රිද්මය බිඳ දැමීමට කිරාන් පොලාඞ් උපහාස කළ අතර එම අවස්ථාවේ පිටියේ විනිසුරුවරයකු මේ සම්බන්ධයෙන් පොලාඞ් ට අවවාද කර ඇත.
ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස කිරාන් පොලාඞ් ඒ ආකාරයෙන් සිය මුඛය ප්ලාස්ටරයකින් වසාගෙන සිටි අතර එය බොහෝ දෙනාගේ කුතුහලයටත් අමන්දානන්දයටත් හේතුවිය.
බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩාකයන්ගේ මේ කී‍්‍රඩා විලාශයට අපි කැමැතියි. ඔවුන් ඉන්දීය පි‍්‍රමියර් ලීගයට වෙනස් අත්දැකීම් එක්කරනවා. කිරාන් පොලාඞ් ගේ හැසීරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කී‍්‍රඩක හර්බජාන් සිං පවසා තිබුණි.
මේ සම්බන්ධයෙන් විමසූ විට එසේ කළේ විහිළුවට යැයි කිරාන් පොලාඞ් ප‍්‍රකාශ කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.