Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කරාටේ දෝ නිලවරණය හෙට

කරාටේ දෝ නිලවරණය හෙට

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කරාටේ - දෝ සම්මේලනයේ නිලවරණය (2022-24) හෙට (24) පෙරවරු 10 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. කරාටේ ක්‍රීඩා සමාජ හා සංවිධාන 235 ක් සහභාගී වන අද නිලවරණයේදී වත්මන් සභාපති එච්.එම්. සිසිර කුමාර මහතා ඇතුළු අපේක්ෂකයෝ හත්දෙනෙකු නාමයෝජනා බාරදී තිබේ.

ප්‍රධාන ලේකම් ධුරයට වත්මන් ලේකම් කීර්ති කුමාර බස්නායක මහතා ඇතුළුව පස් දෙනෙකුගේ නාමයෝජනා ඉදිරිපත්ව තිබේ.

වසර 2015 සිට කරාටේ දෝ සම්මේලනයේ සභාපති ධුරය හොබවන දකුණු ආසියානු කරාටේ සම්මේලනයේ වත්මන් සභාපතිවරයකු වන සිසිර කුමාර හා වත්මන් ප්‍රධාන ලේකම් ධුරය හොබවන කීර්ති කුමාර බස්නායක යන මහත්වරුන් හැරෙන්නට නදීක සොයිසා, ආර්.ජී. ඇලෙක්සැන්ඩර්, නීල් ශාන්ත පෙරේරා, ගාමිණී හා ප්‍රියන්ත තුසිත් ගුණසේකර යන මහත්වරුන් මෙවර කරාටේ විධායක සභාවේ මුල් පුටුව උදෙසා නාමයෝජනා ඉදිරිපත් කළ අය වෙති.

කෙසේ වුවත් මෙම නාමයෝජනා අතරින් එකක් හැරෙන්නට සෙසු නාමයෝජනා වත්මන් සභාපතිවරයාගේ පාර්ශ්වයෙන් ඔහුට සහයෝගය පිණිස බාරදුන් නාමයෝජනා වන බවද වාර්තාවේ.

උපසභාපති ධුර තුනක් සඳහා නාමයෝජනා 13ක් ඉදිරිපත්ව තිබේ. ඒ අතර එම ධුර දැනට හොබවන තිදෙනාද වෙති.

සභාපති ධුරයටද නාමයෝජනා ඉදිරිපත් කරන අතර වත්මන් ලේකම් කීර්ති කුමාර මහතාගේ මෙවර ප්‍රධාන අපේක්ෂාව වී ඇත්තේ ලේකම් ධුරය රැක ගැනීමටය. ඒ අනුව ඔහු ඇතුළුව ඉසෙඩ් ඒ. රවුෆ්, ජගත් ප්‍රියදර්ශන, ගාමිණී , හේමාල් දිනුෂ යන මහත්වරුන් ප්‍රධාන ලේකම් ධුරයට නාමයෝජනා බාරදී තිබේ.

වත්මන් භාණ්ඩාගාරික රෝහණ ග්‍රිස්මන් මහතා හැරෙන්නට වර්ජින් ප්‍රනාන්දු මහතාද භාණ්ඩාගාරික ධුරයට නාමයෝජනා බාරදී තිබේ.

විධායක සභාවේ බලාත්මක උපලේකම් ධුර දෙකක් සඳහා නව දෙනකු ඉදිරිපත්ව සිටින අතර, තවත් සිව් දෙනෙකු උපභාණ්ඩාගාරික ධුරයට නාමයෝජනා බාරදී තිබේ.

ඒ අනුව විධායක සභාවේ තනතුරු නවයක් සඳහා ඉදිරිපත්ව තිබෙන මුළු නාමායෝජනා ගණන 40 කි. නිලවරණයේදී එක් ක්‍රීඩා සමාජයකට එක් ඡන්දයක් බැගින් හිමිවන අතර කරාටේ දෝ සම්මේලනයේ නිලවරණයේ ඡන්ද විමසුම අත්ඔසවා සිදුකෙරේ.


අදහස් (0)

කරාටේ දෝ නිලවරණය හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.