Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
උසස් දක්ෂතා ප්‍රවර්ධන කරාටේ සංචිතයේ ක්‍රීඩකයන් සිව් දෙනකු හා ක්‍රීඩිකාවක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරුවීමෙන් පසුව එහි ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය පියවර ගෙන තිබේ. මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේවාසික පුහුණුවීම්වල නිරතවෙමින් ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු නේවාසිකාගාරයේ රැඳී සිටියදී කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා ගෙන තිබේ.
කෙසේ වුවත් ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ කීර්ති බස්නායක මහතා ‘ලංකාදීප’ය කළ විමසුමකදී පැවසුවේ ඔවුන් කිසිවෙකුත් බරපතළ රෝගී තත්වයේ පසු නොවූ බැවින් රෝහල් ගත කිරීමකින් තොරව නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කළ බවයි.
ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ මත පවත්වාගෙන යන උසස් දක්ෂතා ප්‍රවර්ධන ක්‍රීඩා පුහුණු වැඩසටහන් මාලාව යටතේ ජාතික කරාටේ සංචිතයේ කල් ගෙවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු උසස් දක්ෂතා ප්‍රවර්ධන සංචිතය සඳහා යොමු කර සිටි බවද වාර්තා වේ.
මේ වනවිට කොළඹ නේවාසිකව සිටින ජාතික ක්‍රීඩා පුහුණු සංචිත ගණනාවකින්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් කොවිඩ් රෝගීන් බවට හඳුනා ගැනීමෙන් එම සංචිතයන්හි පුහුණුවීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. එහි උච්චතම අවස්ථාවක් වූයේ කොළඹ සුගතදාස හෝටලයේ නේවාසිකව සිටි ජාතික වොලිබෝල් සංචිතයේ ක්‍රීඩකයන් සියළු දෙනාම කොවිඩ් රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමයි.
කොවිඩ් රෝගය වැළඳීමෙන් මේ වනවිට ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ හිටපු උප සභාපතිවරයෙකුද මියගොස් ඇතැයි වාර්තා වේ.
කරාටේ දෝ සම්මේලනයේ ලේකම් කීර්ති බස්නායක මහතා වැඩිදුරටත් පැවසුවේ වසර 2020 මාර්තු මාසයේ සිට රට තුළ උද්ගතව පවතින කොවිඩ් උවදුර හේතුවෙන් සිය සම්මේලනයේ ක්‍රියාකාරී වැඩසටහන් හා දේශීය තරගාවලි රැසක් මේ දක්වා අත්හිටුවීමට සිදුව තිබෙන බවයි.
එකම දේශීය තරගාවලියක් පමණක් මෙරට කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උද්යෝගය නැවත පණගැන්වීම සඳහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ බවත් ඔහු එහිදී පැවසීය. එහිදී එක් එක් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තම තමන්ගේ නිපුණතා වීඩියෝ කර සම්මේලනය වෙත යවා තිබේ. පසුව ඒවා විනිශ්චය කරමින් ජයග්‍රාහකයන් තෝරාගනු ලැබ ඇත.
ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිතව සිටි පසුගිය වසරේ පැවැත්වීමට සූදානම් කර තිබූ ලෝක කරාටේ ශූරතා තරගාවලිය (ඩුබායි නුවරදී), පොදුරාජ්‍ය මණ්ඩලයීය ශූරතා තරගාවලිය (එංගලන්තය) හා ආසියානු ශූරතා තරගාවලිය (ක්වේට්) මෙම වසරට (2021) කල් දමන ලදි. එහෙත් ඒවායින් ලෝක කරාටේ ශූරතා තරගාවලිය පමණක් ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන බව මේ වනවිට සනාථ කර ඇතැයි ද බස්නායක මහතා පැවසීය.
ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මේ වනවිට කරාටේ ප්‍රවර්ධන කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් අනුමත කර තිබේ.
එම අරමුදලෙන් මෙරටට ජාත්‍යන්තර කරාටේ පුහුණුකරුවෙකුගේ සේවය ලබාගැනීමටද කරාටේ දෝ සම්මේලනය අපේක්‍ෂා කරයි. ඉරාන ජාතික ජාත්‍යන්තර කරාටේ පුහුණුකරුවෙකු කෙරෙහි එහිදී ශ්‍රී ලංකාව මේ වනවිට අවධානය යොමු කර සිටින බවද වාර්තා වේ.
ලබන වසරේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල (බර්මින්හැම් නුවරදී) හා ආසියානු ක්‍රීඩා උළෙල (ගුවැන්ෂු) සඳහා ශ්‍රී ලංකාවේ කරාටේ කණ්ඩායම් සහභාගී කිරීමට කරාටේ සම්මේලනය අපේක්‍ෂාවෙන් පසුවේ.
ශ්‍රී ලංකාව අවසන් වරට සහභාගී වූ අන්තර් ජාතික කරාටේ තරගාවලිය වන්නේ 2019 කත්මන්ඩු සාග් ක්‍රීඩා උළෙලයි. එහිදී ශ්‍රී ලංකා කරාටේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කම් හතරක් හා ලෝකඩ පදක්කම් 15 ක් හිමිකර ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.