Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
කඩුලු ත්‍රිත්වයක් සමඟින් කඩුලු 4 ක් දවාගත් කවිඳු නදීෂාන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ අද (22 වැනිදා) ආරම්භ වූ අන්තර්සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට එස්.එස්.සී පිල සමත්විය. සී.සී.සී. ක්‍රීඩාංගණයේදී බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ලකුණු 52 ක ජයක් හිමිකර ගැනීමට එස්.එස්.සී පිලට හැකිවිය.
ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය බදුරලිය පිලට ඕවර 15.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 94 ක් පමණි.
මලින්ද මදුරංග වේගවත් ආරම්භයක් ලබාගනිමින් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් ලබාගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හමුවේ බදුරලිය පිලට පරාජය හිමිවිය.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිඳු නදීෂාන් බදුරලිය ඉනිමේ 9 වැනි ඕවරයේ අවසන් පන්දු 3 දී මාලින්ද මදුරංග, මිතර තෙනුර සහ උමයංග සුවාරිස් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කීවේය. ඒ අනුව සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කළ නදීෂාන් කඩුලු 4 ක් දවාගත්තේය.
නායක දසුන් ශානක පිට පිට ලබාගත් කඩුලු 2 ක් සමගින් ඕවර 2 කදී ලකුණු 6 කට කඩුලු 3 ක් සහ ලක්ෂිත මනසිංහ ලකුණු 2 කට කඩුලු 2 ක් දවාගනිමින් එස්.එස්.සී පිලේ ජයග්‍රහණයට දායක වූහ.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එස්.එස්.සී පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණි.
අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් පන්දුවට පහරදුන් ශෙවෝන් ඩැනියල් පන්දු 38 කදී හයේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 59 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 44 ක් ලබාගත්තේය.
අනුක් ප්‍රනාන්දු කඩුලු 3 ක් ද, මිතිර තෙනුර කඩුලු 2 ක් සහ මිතිර තෙනුර කඩුල්ලක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තවත් තරග 5 ක් අද පැවැති අතර එහිදී ජයග්‍රහණ වාර්තා කිරීමට මූවර්ස්, යුදහමුදාව, සැරසන්ස්, සී.සී.සී සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් සමත්වූහ.
එස්.එස්.සී. - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 146
(ධනුෂ්ක ගුණතිලක 44, ශෙවෝන් ඩැනියල් නොදැවී 59, අනුක් ප්‍රනාන්දු 33/3, මිතිර තෙනුර 32/2)
බදුරලිය - ඕවර 15.1 කදී සියලුදෙනා දැවී 94
(මලින්ද මදුරංග 46, කවිඳු නදීෂාන් 18/4, දසුන් ශානක 6/3, ලක්ෂිත මනසිංහ 2/2)
කුරුණෑගල යොවුන් පිලට කඩුලු 4 ක ජයක්
බ්ලූම්ෆීල්ඩ් සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඩ් - ඕවර 19.5 කදී සියලුදෙනා දැවී 103
(මාධව වර්ණපුර 25, දක්ෂිත ප්‍රනාන්දු 21, ළහිරු ජයරත්න 15/2, නිලන්ක ප්‍රේමරත්න 19/2, අසිත වන්නිනායක 26/2)
කුරුණෑගල යොවුන් - ඕවර 18.2 කදී කඩුලු 6 ක් දැවී 105
(ගයාන් මනීෂාන් 33, දුලාජ් රණතුංග 23, චමත් වික්‍රමසිංහ 14/2, රමේෂ් නිමන්ත 25/2)
සැරසන්ස් පිලට කඩුලු 5 ක ජයක්
සැරසන්ස් සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 128
(චාමර ප්‍රනාන්දු 21, සිතිජ චමෝද් නොදැවී 52, මොවින් සුබසිංහ 23, ප්‍රවීන් සඳමාල් 17/2, මල්ෂ තරුපති 17/2)
සැරසන්ස් - ඕවර 19.5 කදී කඩුලු 5 ක් දැවී 132
(තවීෂ කහදූවආරච්චි 45, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 38, දුලාංජන මෙන්ඩිස් 19/2, මොවින් සුබසිංහ 31/2)
මූවර්ස් පිලට ලකුණු 67 ක ජයක්
මූවර්ස් සහ ගාල්ල කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 179
(පබසර වඩුගේ 31, කිත්රුවන් විතානගේ 52, දිනුක ඩිල්ෂාන් 34, අයන සිරිවර්ධන 27, කවිඳු රාජපක්ෂ 26/3)
ගාල්ල - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී 112
(රවිෂ්ක විජේසිරි 31, කවිඳු එදිරිවීර 29, තිලාන් ප්‍රශාන් 15/5)
සී.සී.සී පිලට කඩුලු 5 ක ජයක්
ලන්කන් සහ සී.සී.සී කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන් - ඕවර 16.3 කදී සියලුදෙනා දැවී 86
(රවීන් සේයර් 18, ලක්ෂාන් සඳකැන් 09/3, මාලින්ද පුෂ්පකුමාර 16/2)
සී.සී.සී - ඕවර 16.2 කදී කඩුලු 5 ක් දැවී 90
(නිමේෂ ගුණසිංහ නොදැවී 31, පූර්ණවර්නිතිලක 14/2)
යුදහමුදා පිලට කඩුලු 8 ක ජයක්
නාවික හමුදා සහ යුදහමුදා කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 109
(අරවින්ද අකුරුගොඩ 20, සුපුන් ලීලාරත්න 25, සහන් කෝසල 27, අසේල ගුණරත්න 23/3)
යුදහමුදාව - ඕවර 13.3 කදී කඩුලු 2 ක් දැවී 110
(අෂාන් රන්දික නොදැවී 65, සීකුගේ ප්‍රසන්න 20, අසේල ගුණරත්න නොදැවී 21, රෂ්මික දුලාංජන 19/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.