Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර රාජකීය විදුහලට එරෙහිව පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්රිකට් තරගාවලියේ I කොටසේ තරගයේදී නොදැවී ලකුණු 165 ක් රැස්කිරීමට කොළඹ මහානාම විදුහලේ කවිඳු අමමෙත් සමත් විය.
මහානාම විදුහල් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයෙන් මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක් හිමිවිය.
වමත් ආරම්භක පිතිකරුවකු වන කවිඳුගේ ශතකයට හයේ පහර 5 ක් සහ හතරේ පහර 20 ක් ඇතුළත් වූ අතර සතිනු කන්දගේ (නොදැවී 77) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 218 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය.
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 2 ක් දැවී 279
(කවිඳු අමමෙත් නොදැවි 165, සතිනු කන්දගේ නොදැවී 77)
පානදුර රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 240
(කවීෂ ද සිල්වා නොදැවී 94, සචින් ජයසිංහ 55, තරුෂ විදානපතිරණ 39/3, ඉනුක කරන්නාගොඩ 50/3)
මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 2 කදී කිසිවකු නොදැවී 15
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.