Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කළුතර විද්‍යාලය අවසන් පූර්ව වටයට

කළුතර විද්‍යාලය අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට කළුතර විද්‍යාලය ඊයේ (8 වැනිදා) සමත්විය.

දොඹගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කළුතර විද්‍යාලය සමත්විය.

කළුතර විද්‍යාලයේ ගිහාන් සංජන (60), කවිඳු ජයවික්‍රම (55) සහ අවිෂ්ක ලක්ෂාන් (54) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර විශ්මික කොස්තා කඩුලු 4 ක් ද ප්‍රබෝද් වනිගසිංහ සහ කවිඳු ජයවික්‍රම කඩුලු 3 බැගින්ද දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වූහ.


ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය පළමු ඉනිම- ඕවර 46.5 කදී සියලුදෙනා දැවී ලකුණු 79
(කවිඳු මල්ෂාන් නොදැවී 23, විශ්මික කොස්තා 16/4, ප්‍රබෝද් වනිගසිංහ 07/3, කවිඳු ජයවික්‍රම 19/3)

කළුතර විද්‍යාලීය පළමු ඉනිම - ඕවර 83.2 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 259
(ගිහාන් සංජන 60, කවිඳු ජයවික්‍රම 55, අවිෂ්ක ලක්ෂාන් 54, ප්‍රබෝද් ප්‍රබෝද් වනිගසිංහ 33, තවිඳු බණ්ඩාර 40/2, යුගීෂ දිශාන් 76/4, හසිඳු පියුමාල් 13/2)

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය දෙවැනි ඉනිම- ඕවර 53.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 97
(ලක්ෂිත බොතේජූ 29)


අදහස් (0)

කළුතර විද්‍යාලය අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.