Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ අතර හරාරේ නුවරදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ පළමු තරගයට පෙර ඔස්ටේ‍්‍රලියානු නායක මයිකල් ක්ලාක්ගේ ශාරීරික සුවතාව පිළිබඳ අවධානය යොමුකිරීමට ඕස්ටේ‍්‍රලියානු පිලට සිදුව තිබේ. කෙසේ වෙතත් අවසන් මොහොත දක්වාම ඕස්ටේ‍්‍රලියානු නායකයාට අවස්ථාව දීමට බලාපොරොත්තු වන ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් තේරීම් කමිටුව තරගය පැවැත්වෙන දිනය වන හෙට පෙරවරුව දක්වාම ක්ලාක් කෙරේ බලාපොරොත්තු අත හැරීමට සූදානම් නොවෙති.
ඕස්ටේ‍්‍රලියාව, දකුණු අපි‍්‍රකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (25 වැනිදා) සිම්බාබ්වේ සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වේ. එහෙත් වඩාත් උණුසුම් තරගය වන ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරගය බදාදා (27 වැනිදා) පැවැත්වෙන හෙයින් එම තරගය සඳහා ක්ලාක් පරෙස්සම් කරගැනීමේ උනන්දුවක්ද ඕස්ටේ‍්‍රලියානුවන් තුළ පවතී.
තරගාවලිය සඳහා සිම්බාබ්වේ බලා පැමිණීමෙන් පසුව මයිකල් ක්ලාක් පවසා සිටියේ මෙය ‘හිතේ සතුටට යන සංචාරයක්’ නොවන බවත් තමන්ගේ අරමුණ මෙම තරගාවලිය ජයගැනීම බවත්ය.
යම් හෙයකින් හෙට පැවැත්වෙන තරගය සඳහා මයිකල් ක්ලාක් කී‍්‍රඩා නොකරන්නේ නම් විස්සයි:20 නායකයා වන ජෝර්ජ් බේලි ඕස්ටේ‍්‍රලියානු පිලේ නායකයා වනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.