Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග් ක්ලිෆර්ඞ්’ කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය මේ මස 11 වැනිදා ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය මේ මස 11 වැනිදා සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
අවසන් පූර්ව තරග මේ මස 19 සහ 20 දෙදින කොළඹදී සහ පල්ලෙකැලේදී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය මේ මස 26 වැනිදා කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ පැරණිතම රග්බි තරගාවලියක් වන මෙම තරගාවලිය 1950 වසරේ සිට අන්තර් සමාජ තරගාවලියක් ලෙස පැවැත්වේ. මහනුවර ක‍්‍රීඩා සමාජය 18 වරක් මෙම ශූරතාව දිනා වැඩිම ශූරතා වාර්තාවට හිමිකම් කියයි.
සී. ආර්. පිල 14 වරක්ද, හැව්ලොක්ස් පිල 13 වරක්ද, පොලිස් පිල 8 වරක්ද, සී. එච්. පිල 7 වරක්ද, ශූරතාව දිනා තිබේ.
ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරයකු වන ශ්‍රීමත් හියු ක්ලිෆර්ඞ් මහතාගේ නමින් මෙම තරගය පැවැත්වේ. ආණ්ඩුකාර ක්ලිෆර්ඞ් මහතාගේ බිරි`දගේ උපන් දිනය වෙනුවෙන් 1911 වසරේදී ඒකාබද්ධ සේවා කණ්ඩායම සහ සිලෝන් කණ්ඩායම අතර මෙහි මුල්ම තරගය පැවැත්විණ.
2016 තරග කාල සටහන
මාර්. 11 - සී. ආර්. පිල සහ යුද හමුදා පිල අතර පැරණි තුරඟ තරග පිටියේදී
මාර්. 12 - මහනුවර පිල සහ සී. එච්. පිල අතර නිත්තවෙල පිටියේදී
මාර්. 12 - හැව්ලොක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර පැරණි තුරඟ තරග පිටියේදී
මාර්. 13 - නාවික හමුදා පිල සහ පොලිස් පිල අතර පැරණි තුරඟ තරග පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.