Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2 ක්

ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2 ක්

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අංශ වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඉන් ඩොලර් මිලියනයක් රිච්වේ ආර්යා ළමා රෝහලටත්, ඉතිරි ඩොලර් මිලියනය මහරගම පිළිකා රෝහලටත් ලබාදීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා කියා සිටියේ මෙවැනි අසීරු අවස්ථාවක ජාතියක් වශයෙන් අභියෝග ජයගැනීම සඳහා දරන උත්සාහයකට දායක වීමට ලැබීම සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය මහත් සතුටට පත්වන බවය.

ඊයේ (24 වැනිදා) පැවැති විධායක කමිටු රැස්වීමකදී මෙම පරිත්‍යාගය අනුමත වී ඇති අතර පවතින විනිමය අනුපාතයට අනුව එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 718 ක් පමණ වනු ඇත.


-036


අදහස් (0)

ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 2 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.