Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් කණ්ඩායමට ජය පතා විශේෂ ස්ටිකර්

ක්‍රිකට් කණ්ඩායමට ජය පතා විශේෂ ස්ටිකර්

editorial - 2022 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා පුද්ලික සමාගම විසින් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූ ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජය පතා විශේෂ ස්ටිකර් හඳුන්වා දී තිබේ.

ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී පකිස්තානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබමින් සිය 6 වැනි ආසියානු කුසලානය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ලොව දක්ෂතම ක්‍රිකට් කණ්ඩායම් සමග කරට කර තරග වදිමින් දෙවැනි වරටත් විස්සයි-20 ලෝක ශූරතාවට හිමිකම් කීමේ අභිලාෂයෙන් බලාපොරොත්තු ඉහළ නංවාගෙන තිබේ.

ලෝක කුසලාන තරගාවලියේදී එක්සත් අරාබි එමීර් සහ නෙදර්ලන්ත කණ්ඩායම් පරාජයට පත් කරමින් සුපිරි 12 දෙනාගේ වටයට තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයපතා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහක ඩයලොග් ආසිආටා පුද්ගලික සමාගම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රියාත්මක කරන සුබ පැතුම් ස්ටිකර් වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වුවද දිවයිනේ තෝරාගත් පළාත් කිහිපයක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇත.

ස්ටිකරයේ තිබෙන QR ඛේතය Scan කිරීම මගින් මෙරට ක්‍රිකට් ප්‍රේමීන්ට විස්සයි-20 ලෝක තරගාවලිය ජයගෙන වසර 8 කට පසුව යළි කුසලානය මව්බිමට රැගෙන ඒමට වරම් ලැබේවා යැයි සුබ පැතුම් එක් කර ශ්‍රී ලංකා කණ්ඩායමට ජය පැතීමට අවස්ථාව හිමිවේ.

මීට අමතරව dlg.lk/apekollo ඔස්සේ සුබ පැතුම් ද්වාරය වෙත පිවිස ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සුබ පැතුම් එක්කරන අතරවාරයේ ඩයලොග් විසින් පිරිනමන සුවිශේෂී ක්‍රිකට් සමරු දිනාගැනීමටද අවස්ථාව සලසා ඇත.

ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේදී ක්‍රීඩා ලෝලියෙකුගේ ත්‍රීරෝද රථයක ප්‍රථම ස්ටිකර් සුබපැතුම අලවමින් මෙම වැඩසටහන සංකේතවත්ව ආරම්භ කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.

-036


අදහස් (0)

ක්‍රිකට් කණ්ඩායමට ජය පතා විශේෂ ස්ටිකර්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.