Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
එක් පාර්ශ්වයක නාමයෝජනා ඉවත්කර ගැනීමකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල්දැමීමක් හෝ අහෝසි වීමක් සිදුනොවන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පවසයි. බ්‍රහස්පතින්දා (20) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් (2021-23) කේ. මතිවානන් මහතා ඇතුළු තිදෙනකු නාමයෝජනා ඉවත්කර ගැනීම ගැන ලංකාදීප’ය කළ විමසුමකදී ඔහු එසේ පැවසීය.
“අයින් වෙලා තිබෙන්නේ එක් පාර්ශ්වයක් පමණයි. කිසියම් තනතුරකට නාමයෝජනා එකකට වැඩියෙන් ඉදිරිපත් වෙලා තිබෙනවා නම් එක් පාර්ශවයක් හෝ එක් නාමයෝජනාවක් ඉවත් කර ගැනීමෙන් නිලවරණය නතර කරන්නේ නෑ. එක් පාර්ශ්වයක් පමණක් නිලවරණයට ඉදිරිපත් වුණා නම් නිලවරණය නොතියන්න එකඟ වෙන්න ඉඩ තිබෙනවා” යයිද අමල් එදිරිසූරිය මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.