Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩක ක්‍රීඩිකාවන් - නිලධාරීන් 100 ක් කොරෝනා කඩුල්ලෙන් පනිති

ක්‍රීඩක ක්‍රීඩිකාවන් - නිලධාරීන් 100 ක් කොරෝනා කඩුල්ලෙන් පනිති

යොහාන් භාසුර - 2020 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ක්‍රියාත්මක ක්‍රීඩා සංචිත පහක ක්‍රීඩක ක්‍රිඩිකාවන් සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ආවරණය වන පරිදි පැවැත්වූ ‘කොවිඞ් 19’ ආසාදිත දැයි සෙවීමේ පී.සී.ආර්. පරීක්‍ෂණයෙන් කිසිදු ක්‍රීඩකයකු හෝ නිලධාරීයකුට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

මෙහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යායාම මධ්‍යස්ථානය යන ඒකක තුන ආවරණය වන පරිදි පුද්ගලයන් 100 ක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ඉදිරිපත් වූහ.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ මෙම පරීක්‍ෂණයට සහභාගි වූ සියයක නියැදිය අහඹු ලෙස තෝරාගත් බවයි.

“එම පරීක්‍ෂණය සියලු දෙනාගේ ආරක්‍ෂාව වෙනුවෙන් ගත් පියවරක්. නැතුව ආසාදිතයන් සිටින බවට කිසිම සැකයක් තිබුණේ නෑ” යැයිද එදිරිසූරිය මහතා වැඩි දුරටත් පැවසීය.


අදහස් (0)

ක්‍රීඩක ක්‍රීඩිකාවන් - නිලධාරීන් 100 ක් කොරෝනා කඩුල්ලෙන් පනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.