Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ද්විපාර්ශ්වික ගිවිසුම් පත්‍රය උල්ලංඝනය කිරීම් දින 14 ක් ඇතුළත නිවැරදි කර නොගන්නේ නම් ජාත්‍යන්තර පදක්කම් හා ජයග්‍රහණ අත්කර ගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකුට ත්‍යාග ලෙස සහන පදනමක් මත ශ්‍රී ලංකා රජය ලබාදුන් නිවාස දින 14 ක් ඇතුළත පවරා ගන්නා බවට නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඔවුන්ට දැනුම් දී තිබේ.
මොරටුව අඟුලාන ‘‘සයුරපුර’’ මහල් නිවාස සංකීර්ණයෙන් මෙලෙස ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 51 දෙනකු සඳහා එක් නිවසක් රුපියල් මිලියන 1.5 ක් වන වටිනාකමක් යටතේ පවරාදී තිබේ.
මෙම නිවාස පැවරීමේ ගිවිසුම් පත්‍රයට අනුව එය ලබා ගන්නා ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක් වසර 30ක් තුළදී වාරික ගෙවා අවසන් කළ යුතුය. එය පොළියෙන්ද නිදහස් කර තිබේ.
නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට වාර්තා වී තිබෙන පරිදි ත්‍යාග ලෙස මෙලෙස සහන වාරික ගෙවීමේ පදනමින් රජයේ නිවාස ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයක් ද්විපාර්ශවික පැවරුම් ගිවිසුම් පත්‍රය උල්ලංඝය කරමින් වාරික ගෙවීම් දිගින් දිගටම පැහැර හැර තිබේ.
ඒ අතර මෙසේ ත්‍යාග ලෙස ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදුන් ඇතැම් නිවාස පදිංචියෙන් තොරව වසා දමා තිබීමත් එවැනි ඇතැම් නිවාස තෙවැනි පාර්ශව වෙත පවරා තිබීමත් හෙළිකරගෙන තිබෙන බව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පවසයි.
එවැනි සිදුවීම් මෙම නිවෙස් පැවරීමේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයන්ට හා නීතිපති උපදෙස්වලට පටහැණි බැවින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබාදී තිබෙන නිදහස් ප්‍රදාන පත්‍රය අවලංගු කර නිවෙස් භුක්තිය යළි පවරා ගැනීමට හේතුවන බවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නාගරික නිවස සංවර්ධන අධිකාරිය යොමු කළ අවසන් සිහිකැඳවීම් ලිපියේ දැක්වේ.
මෙසේ ත්‍යාග ලෙස නිවාස ලබාගත් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ලෝක ශූරතා, ආසියානු ශූරතා හා පොදු රාජ්‍ය මණ්ඩලයීය පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට ආසියානු කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමක ක්‍රීඩිකාවන් පිරිසක්ද සිටින බව දැනගන්නට ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයකු ‘‘ලංකාදීප’’යට මෙසේ පැවසීය.
‘‘රටේ තමන්ට කියලා නිවසක් නැතිව දුක් විඳින මිනිස්සු මේ රටේ ඕන තරම් ඉන්නවා. එහෙම තියෙද්දී පදිංචි වෙන්න කියලා ගෙවල් අරන් සමහරු මෙහෙම වහලා තියන එක අපරාධයක්. මේ ගෙවල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපි දීලා තියෙන්නෙත් ඉතාම සහන මිලකට. ඉතාම සුළු වාරිකයක් විතරයි මාසයකට ගෙවන්න තිබෙන්නෙ. ඒකත් පැහැර හරිනවා නම් අපට මේ ගෙවල් නැවත පවරා ගැනීම හැරෙන්න වෙන විකල්පයක් ඉතිරි වෙලා නෑ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.