Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දිනෙන් දින මතු වෙන දේශීය ක්‍රීඩා කේෂ්ත්‍රයේ ප්‍රශ්න නිරාකරණය කිරීම සඳහා ඉදිරියේදී දුක්ගන්නාරාළ කෙනෙක් (ඔම්බුස්ටන්වරයෙක්) පත් කරන බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පවසයි.
ජාතික ක්‍රීඩා සංගම් ප්‍රධානින් හා ජාතික ක්‍රීඩා පුහුණුකරුවන් පිරිසක් සමග ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැති විශේෂ හමුවකදී ඇමැතිවරයා මෙම පත් කිරීම ගැන සඳහන් කර සිටියේය.
ඇමැතිවරයා යෝජනා කර සිටියේ එක් එක් ක්‍රීඩා ඉසව් සඳහා දැනට වෙන වෙනම පිහිටුවා තිබෙන පුහුණුකරුවන්ගේ සංගම් වෙනුවට සමස්ත ලංකා ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංගමයක් ස්ථාපිත කරන ලෙස මෙම සාකච්ඡාවේදී යෝජනා කර සිටි ඇමැතිවරයා ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන බවද පැවසීය. කෙතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ඉදිරියේදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර පදක්ම් හා ජයග්‍රහණ ලබන අවස්ථාවලදී ඔවුන්ට මූල්‍යාධාර හා ත්‍යාග ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තවදුරටත් මැළිනොවන බවත් ඇමැතිවරයා තවදුරටත් පැවසීය.
මෙම සාකච්ඡාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් හැරෙන්නට ක්‍රීඩා අමාත්‍යාංශය ‘බී’ ශ්‍රේණිගත ජාතික ක්‍රීඩා ලැයිස්තුවට ඇතුළත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා, ශ්‍රී ලංකා දැල්පන්දු, ශ්‍රී ලංකා පාපැදි, ශ්‍රී ලංකා ජල ක්‍රීඩා, ශ්‍රී ලංකා කරාටේ දෝ, ශ්‍රී ලංකා ගෝල්ෆ්, ශ්‍රී ලංකා දුන්නෙන් විදීම, ශ්‍රී ලංකා වොලිවෝල්, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හා ශ්‍රී ලංකා වුෂු යන සම්මේලන වල ප්‍රධානීහු හා ඒවායෙහි ජාතික පුහුණුකරුවෝත් සහභාගි වූහ.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.