Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වසර 2022 ට නියමිත ටී–කප් පාපැදි සවාරියේ සංවිධාන කටයුතු සඳහා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව හවුල් කර නොගන්නේ නම් ඊට තමන්ගේ සහයෝගය නොලැබෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය ටී-කප් සවාරියේ අනුග්‍රාහකයන්ට මේ වනවිට දැනුම් දී ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් අනුග්‍රාහකයන්ගේ මතය මෙතෙක් ප්‍රකාශ වී නැත.
වසර තුනක්ම නොපැවැත්වුණු ටී–කප් (අන්තර්ජාතික) පාපැදි සවාරිය ලබන වසරේ මැයි 20, 21, 23 යන දිනවලදී පැවැත්වෙන බව මේ වනවිට ප්‍රකාශ වී තිබේ.
කෙසේ වුවත් අන්තර්ජාතික පාපැදි සම්මේලනය ශ්‍රී ලංකාවට අවධාරණය කර ඇත්තේ පසුගිය අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයෙන් පත් වූ ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ විධායක සභාව තමන් පිළිනොගන්නා බැවින් එහි ශ්‍රී ලංකාවේ සංවිධාන කටයුතු මෙහෙයුම් එහි හිටපු විධායක සභාවට නිල වශයෙන් පවරන බවයි. ඒ, නිලවරණයට ක්‍රීඩා අමාත්‍යාංශය අතපෙවීම් කළ බවට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බලමිනි.
අප්‍රේල් 6 වැනිදා පැවැති නිලවරණයට පෙර පාපැදි සම්මේලනයේ සභාපති ධුරය දැරූ අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න මහතාට ශ්‍රී ලංකාව වෙනුවෙන් එම පැවරුම බාර දුන් බවත් අන්තර්ජාතික පාපැදි සම්මේලනය නිවේදනය කළේය.
ටී. කප් සවාරියේ සංවිධානය කරුණාරත්නට පවරයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.