Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඩෙල්ටා කොවිඩ් රැල්ලක අවදානම හමුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් රාජකාරියට කැඳවීම මෙම 30 වැනිදා දක්වා අත්හිටුවීමට තීරණය කර තිබේ. කෙසේ වුවත් අමාත්‍යාංශයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත්, එහිදී අත්‍යවශ්‍ය නිලධාරීන් පමණක් දෛනික රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවැසීය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් සුපුරුදු පරිදි මෙම 31 වැනිදා නැවතත් රාජකාරි කටයුතු සඳහා වාර්තා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
මේ අතර, රිඩ් මාවත හා ටොරින්ටන් පෙදෙස අවට පවත්වාගෙන යන ජාතික ක්‍රීඩා සංගම් ගණනාවක මූලස්ථාන වල කටයුතු ද අද සිට සීමා කරමින් පවත්වාගෙන යාමට තීරණය වී තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසුවේ, පාපන්දු නිවසේ කටයුතු නැවත දැනුම් දෙනතුරු සීමිත සේවක සේවිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වාගෙන යාමට තීරණය කළ බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.