Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා අමාත්‍යාංශය අහක බලද්දී විපක්ෂ නායක සජිත්ගෙන් පිහිටක්

ක්‍රීඩා අමාත්‍යාංශය අහක බලද්දී විපක්ෂ නායක සජිත්ගෙන් පිහිටක්

editorial - 2022 ඔක් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ස්පාඤ්ඤයේ ෆොන්ටෙවෙඔල්රා නුවරදී පෙරේදා (17) ආරම්භ වූ පස්වැනි ලෝක ශූරතා වයස 23න් පහළ මල්ලවපොර තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට වියදම් සොයා ගැනීමේ දුෂ්කරතා මත රුපියල් මිලියන 1.5ක මුදලක් ප්‍රදානය කිරීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

මෙම තරග සංචරය සඳහා වියදම් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප වීමෙන් පසුව බාහිර පාර්ශ්ව හරහා වියදම් සොයා ගැනීමට දැරූ උත්සාහයේදී ජාතික ඔලිම්පික් කමිටුව ඒ සඳහා රුපියල් මිලියනක් ලබා දී තිබේ.

මෙම ස්පාඤ්ඤ තරග සංචාරය සඳහා රුපියල් මිලියන හයකට වැඩි මුදලක් වැය වේ. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාදුන් වියදමෙන් මෙම තරග සංචාරයට එක්ව සිටින ‘බර්මින්හැම්’ පොදු රාජ්‍ය මණ්ඩලයීය ලෝකඩ පදක්කම්ලාභිනි නෙත්මි අහිංසා ප්‍රනාන්දු හා පුහුණුකරු දිනේෂ් ක්‍රිෂාන්ත මහතාගේ ගමන් වියදම් පියවීමට අපේක්‍ෂා කරන බව මල්ලවපොර සම්මේලනය පවසයි.

කෙසේ වුවත්, එහි සභාපති සරත් හේවාවිතාරණ මහතා අන්තර්ජාතික මල්ලවපොර සම්මේලනයෙන් කළ ඉල්ලීමකට අනුව මෙරට ක්‍රීඩකයන් තිදෙනකු සඳහා වියදම් ලබා දීමට එකඟ වී තිබේ.

වයස 23න් පහළ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය අද ආරම්භ වීමෙන් පසුව එය මෙම 23 වැනිදා දක්වා ෆොන්ටෙවෙඔල්රා නගරයේදී රටවල් 30ක සහභාගිත්වයෙන් පැවැත්වේ. ඊට පිරිමි ඉසව් 20ක් හා කාන්තා ඉසව් 10ක් අන්තර්ගතය. වාර්ෂිකව පැවැත්වෙන ලෝක ශූරතා වයස 23න් පහළ මල්ලවපොර තරගාවලිය ගියවර (2021) සර්බියාවේදී පැවැත්විණි.

 

ස්පාඤ්ඤයේ ෆොන්ටෙවෙඔල්රා නුවරදී අද සිට ඉරිදා දක්වා (17-23) පැවැත්වෙන පස්වැනි ලෝක ශූරතා වයස 23න් පහළ මල්ලවපොර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි: හන්සන මධුශංඛ රුද්‍රිගු (කිලෝග්‍රෑම් 57 බර පන්තිය), ඔසඳ මතීෂ රාජපක්‍ෂ (කිලෝග්‍රෑම් 61 බර පන්තිය), මධුවන්ත සඳරුවන් ගුණවර්ධන (කිලෝග්‍රෑම් 65 බර පන්තිය), ළහිරු සුමින්දය ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 70 බර පන්තිය), මධුශංඛ කුසුම්සිරි බණ්ඩාර (කිලෝග්‍රෑම් 74 බර පන්තිය), රසිඳු දිවාන් (කිලෝග්‍රෑම් 79 බර පන්තිය), ​ෙසතූෂ රුවෙල් විස්මිත සේනානායක (කිලෝග්‍රෑම් 92 බර පන්තිය)

කාන්තා: චමෝද්‍යා කේෂානි (කිලෝග්‍රෑම් 53 බර පන්තිය), නෙත්මි අහිංසා ප්‍රනාන්දු (කිලෝග්‍රෑම් 55 බර පන්තිය)

නිලධාරීන්: පුහුණුකරු (කාන්තා) දිල්රුක් ද සිල්වා

පුහුණුකරු (පිරිමි) සුරංග කුමාර, කළමනාකරු අජන්ත රත්නායක යන මහත්වරු


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යාංශය අහක බලද්දී විපක්ෂ නායක සජිත්ගෙන් පිහිටක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.