Last Update  :  2025-03-14 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ආරවුල් විසඳීම දුක්ගන්නාරාළට

ක්‍රීඩා ආරවුල් විසඳීම දුක්ගන්නාරාළට

editorial - 2024 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

ක්‍රීඩා  අමාත්‍යාංශයේ පළමු ඔම්බුඩ්ස්මන්වරයා හෙවත්  දුක්ගන්නාරාළ ධූරයට එහි හිටපු ලේකම්වරයකු වන ශ්‍රී  ල‍‍ංකා  පරිපාලනය සේවයේ පළපුරුදු  (ව්ශ්‍රාමික) නිලධාරියකුද  වන ඩබ්ලිව්.ඒ. චූලානන්ද මහතා  පත් කර තිබේ.

ක්‍රීඩා  අමාත්‍යාංශයට ඉදිරිපත්  කෙරෙන පැමිණිලි හා ආරවුල්  සම්බන්ධයෙන්  විමර්ෂන  සිදු කර ක්‍රීඩා  ඇමැතිවරයාට දින 14 ක් ඇතුළත නිර්දේශ ඉදිරිපත් කිරිම ඔහුට නිල වශයෙන්  පැවැරී තිබෙන  රාජකාරියයි.

වත්මන්  ක්‍රීඩා  ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මැයි 3 වැනිදා 2024 අංක 01 දරන  ජාතික  ක්‍රීඩා  සංගම් නියෝග මාලාව නීතිගත කරමින් නිකුත්  කළ අති විශේෂ  ගැසට්  නිවේදනයට  අනුව මෙසේ පළමු වතාවට  ක්‍රීඩා  අමාත්‍යාංශයට දුක්ගන්නාරාළ කෙනෙකු (ධූරය) හදුන්වාදී  තිබේ.

එහිදී  විෂය බාර ඇමැතිවරයා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පමණක් දුක්ගන්නාරාළ ධූරය වග නොකියන  අතර  චුලානන්ද මහතා නව ධූරයේ වැඩ බාර ගැනීම බදාදා (22) සිදු කෙරේ.

ක්‍රීඩා  අමාත්‍යාංශයට අලුතින්  හදුන්වා දුන් නව ධූරයේ නිල කාලය වසර තුනකි. ඒ සදහා  පත් වන්නකුට එවැනි ධුර කාල දෙකක් උපරිම දැරිය  හැකිය. දුක්ගන්නාරාළගේ වැටුප් ගෙවීම ජාතික  ක්‍රීඩා  අරමුදල  හරහා සිදු කෙරේ.

ක්‍රීඩා  අමාත්‍යාංශයට ලැබෙන ආරවුල් විසදීමේදී දුක්ගන්නාරාළ ධූරයට එහි අභියාචනා කමිටුවේ   සහය ලබා ගත හැකිය. මීට පෙර ක්‍රීඩා  ඇමැතිවරයා ලෙස හරීන් ප්‍රනාන්දු  මහතා  කටයුතු  කළ අවස්ථාවේදී  චූලානන්ද  මහතා  ක්‍රීඩා  අමාත්‍යාංශයේ  ලේකම් ධූරය  දරා තිබේ.


අදහස් (0)

ක්‍රීඩා ආරවුල් විසඳීම දුක්ගන්නාරාළට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.