Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රටවල් අටක මධ්‍යම රජයේ ක්‍රීඩා ඇමැතිවරු ඇතුළුව රටවල් 35ක නියෝජිතවරුන් සහභාගි වන 18 වැනි ආසියා ශාන්තිකර කලාපීය අන්තර් රාජ්‍ය ක්‍රීඩා ඇමතිවරුන්ගේ දෙදින සමුළුව ලබන සඳුදා හා අඟහරුවාදා (12-13) කොළඹ ‘සිනමන් ලේක්සයිඩ්’ හෝටලයේදී පැවැත්වේ.
කලාපය තුළ ක්‍රියාශීලි තහනම් උත්තේජක විරෝධි ප්‍රතිපත්තින් ඉදිරියට පවත්වාගෙන යාමේ අන්තර්ජාතික කතිකාවත යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම දෙදින සමුළුව කොළඹදී කැඳවා තිබේ.
අන්තර්ජාතික තහනම් උත්තේජක නිවාරණ (වාඩා) ආයතනයේ සභාපති විටෝල්ඩ් බන්කා මහතා සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව සඳුදා පෙරවරු 9ට ආරම්භ වේ.
මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම සමුළුවේ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කරන ශ්‍රී ලංකාවේ තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ ඉතාම අවම වියදමකින් ශ්‍රී ලංකාව මෙහි සත්කාරය දරන බවයි.
එය ආසන්න වශයෙන් රුපියල් මිලියන නවයක පමණ අගයක් ගන්නා බවත් කෙසේ වුවත් මෙමගින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 40ක පමණ ආදායමක් ලැබෙන බවත් ඔහු එහිදී පැවසීය.
සමුළුවට සහභාගි වන නියෝජිතයන් ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් දරමින් ඊට එක්වන බව ඔහු පවසයි.
පසුගිය වසර කීපය තුළදී ආසියානු ශාන්තිකර කලාපයේ රටවල් ගණනාවක තහනම් උත්තේජක විරෝධි ව්‍යාපාරය ක්‍රියාශීලිවීමෙන් එහි ක්‍රීඩා තරග බිමේ තහනම් උත්තේජක චෝදනා අවම වී තිබේ.
මෙම තත්ත්වය තවදුරටත් ප්‍රවර්ධනය කර ගැනීම කොළඹ සමුළුවේ අරමුණකි.
මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා මාධ්‍ය හමුවේදී වැඩදුරටත් පැවසුවේ රටේ ආර්ථිකය කඩා වැටීමේ තත්ත්වයන් තුළ වුවත් සමුළුවේ සත්කාරය දැරීමට ශ්‍රී ලංකාවට ඉදිරිපත්වීම එහි සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට පිටිවහලක් විය හැකි බවත් එය ශ්‍රී ලංකාවට ඉන් ලැබෙන අමතර වාසියක් වන බවයි.
ලෝක තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ උපසභාපති, ප්‍රධාන විධායක නිලධාරි ඇතුළුව එහි තවත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්ද සමුළුවේ අසුන් ගැනීමට නියමිතය.
ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (7) පැවැති මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ආර්. මහේෂන් හා ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග යන මහත්වරු සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.