Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර අද වැඩ බාරගනී

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර අද වැඩ බාරගනී

editorial - 2024 නොවැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

නව රජයේ ක්‍රීඩා හා යොවුන් කටයුතු  ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (19) පස්වරු 1 ට වැඩ බාර ගැනීමට නියමිතය.ජාතික ජන බලවේගයේ පත් කළ මන්ත්‍රීවරයකු වන ගමගේ මහතා  ශ්‍රී  ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වානිජවේදී විශේෂ උපාධියක් හා කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධියක් ලැබූ වෘත්තියෙන් ජේය්‍යෂ්ඨ වරලත් ගණකාධිකාරිවරයෙකි.

ඔහු මෙරට 1966 සිට මේ දක්වා පත්වූ 21 වැනි ක්‍රීඩා ඇමැතිවරයායි.ගාල්ල හිනිදුම උපන් නව ක්‍රීඩා ඇමැතිවරයා ගාල්ල ඕල්කට් මහ විදුහලේ ආදි සිසුවෙකි.මීට පෙර ඔහු ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙසත්, ආර්ථික සභාවේ සාසාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇති ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති ධූරයද දැරූවෙකි.

අද රීඩ් මාවතේදී ක්‍රීඩා අමාතය ධූරයේ වැඩ බාර ගැනීමේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වීමට නියමිතය.

වසර 2018 අප්‍ර්‍රේල් සිට මේ දක්වා දේශපාලන බල හුවමාරුවීම් සිදු වන අතර ක්‍රීඩා  ඇමැතිවරුන් හත් දෙනෙකු පත්ව සිටීම කැපී පෙනේ.

ෆයිසර් මුස්තාපා (2018), හරීන් ප්‍රනාන්දු (2018 -19),  ඩලස් අලහප්පෙරුම (2019 - 20), නාමල් රාජපක්ෂ (2020 -22), රොෂාන් රණසිංහ (2022 -23), හරීන් ප්‍රනාන්දු (2023-24) යන මහත්වරුන් එසේ පත්ව කටයුතු කළ ක්‍රීඩා ඇමැතිවරු වෙති.ඒ අතර එකී කාලය තුළදී ආචාර්ය හරිනි ප්‍රනාන්දු මෙනෙවිය ඇතුළු විටින් විට තවත් කීප දෙනකු ක්‍රීඩා ඇමැති ධූරයේ වැඩ බලා තිබේ.

කෙසේ වූවත් වඩාත් දුෂ්කරතා සමයක පත්වූ නව ක්‍රීඩා ඇමැතිවරයාට අභියෝග රැසකට මුහුණදීමට සිදුව තිබේ.මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුදල් හිස්ව තිබෙන බවත් වාර්තා වන අතර එහි පවත්වා ගෙන යන ප්‍රධාන අරමුදලක් වන ජාතික ක්‍රීඩා අරමුදලද ශුන්‍ය තත්වයකට පත්ව ඇතැයිද වාර්තාවේ.

ඒ හේතුවෙන් පසුගිය සමයේදී ක්‍රීඩා  අමාත්‍යාංශය පවත්වා ගෙන යාම සදහා මහ භාණ්ඩාගාරයෙන් විශේෂ අරමුදල් සපයා ගැනීමටද සිදු විය.

 


අදහස් (0)

ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර අද වැඩ බාරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.