Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අවන්ත බාලසූරිය)
ශ්‍රී ලංකාවේ දැනට ලියාපදිංචි වී තිබෙන සෑම ක්‍රීඩාවකම නිලවරණ පවත්වන ක්‍රමවේදය වෙනස් විය යුතු බවත් ඒ අනුව ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කමිටුවක් පත් කර ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ක්‍රිකට් පමණක් නොව කිසිම ක්‍රීඩාවකට දේශපාලනික අතපෙවීමට ඉඩ නොතබන බව ද ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
“ක්‍රීඩාව කිසිසේත් දේශපාලනික විය යුතු නෑ. ඔබතුමාලා සමහරු කීවත් මම අතුරු කමිටු දාන්නෙ නැත්තේ ඒකයි. මම අර්ජුනටත් ආරාධනා කළා ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කරන්න එන්න කියලා. ”
“හැම ක්‍රීඩාවෙම නිලවරණ පවත්වන ක්‍රමවේදය වෙනස් විය යුතුයි. ඒ අනුව ක්‍රීඩා පනත හදන්න කමිටුවක් පත් කරලා තියෙනවා. සමහර සංගම් තියෙනවා ක්‍රීඩකයන්ටත් වඩා සාමාජිකයන් ඉන්නවා.” යනුවෙන් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය දරන කාලයේ සිදුවූ වංචා සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය දරන සමයේ ක්‍රිකට් ආයතනයට අදාළ දූෂණ වංචා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට දන්වා ඇති බව පිළිගත් අමාත්‍යවරයා ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුවන බවද කියා සිටිියේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දූෂණ විමර්ශන කාර්යාලයක් ශ්‍රී ලංකාව තුළ පමණක් ස්ථාපිත කර වෙනම පරීක්ෂණ කිරීම සිදුවන්නේ මන්දැයි විපක්ෂ මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. එවැනි කාර්යාලයක් ලොව වෙනත් කිසිදු රටක ස්ථාපනය කර නොමැති බවත් ලංකාවේ පමණක් එසේ කිරීමට හේතුව කුමක්ද යන්නත් ඔහු විමසා සිටියේය.
ඊට පිළිතුරු දුන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ක්‍රීඩා මූලස්ථානයක් කිරීමට කටයුතු කරන බවත් එවැනි කාර්යාලයක් මෙරට පිහිටුවා ඇත්තේ ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම ක්‍රිකට් සම්බන්ධයෙන් වන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමට බවත්ය. තමන් එවැනි ඕනෑම පරීක්ෂණයකට උපරිම සහාය දක්වන බවත් ඇමතිවරයා කියා සිටියේය.
එසේම ඉදිරියටත් එවැනි කටයුතු සඳහා ශ්‍රී ලංකාව මූලික කරගන්නා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවට ආරාධනා කරන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.