Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජික ක්‍රීඩා සමාජ විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කොරෝනා වසංගතය හේතුවෙන් දුෂ්කරතාවන්ට මුහුණදී සිටින ක්‍රීඩා සමාජවලට මූල්‍ය ආධාර ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත. පසුගියදා රැස්වූ විධායක කමිටුවේදී මෙම තීරණයට එළැඹ තිබේ.
යෝජිත මූල්‍ය ආධාර ලබාගැනීමට සුදුසුකම් ලබන ක්‍රීඩා සමාජ විශේෂ කමිටුවක් විසින් නිර්දේශ කරනු ලබන අතර ඔවුන් ලබාදී ඇති නිර්ණායක මත පදනම්ව ආධාර පිරිනැමෙනු ඇත. ක්‍රීඩකයන්ගේ සුභසාධන කටයුතු සහ අදාල ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වැඩසටහන් පවත්වාගෙන යෑම සඳහා මෙම ආධාර පිරිනැමේ.
මේ අතර කොරෝනා වසංගතය හේතුවෙන් දේශීය ක්‍රිකට් ක්‍රීඩාව ඇණහිට තිබීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයින් මූල්‍යමය වශයෙන් ශක්තිමත් කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩකයින් 60 දෙනෙකු සඳහා වාර්ෂික ක්‍රීඩක ගිවිසුම් ලබා දීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. ඒ සඳහා සුදුසුකම් ලබන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් තෝරා ගනු ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.