Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා ක්‍රිකට් සංචිතය දඹුල්ලේ

කාන්තා ක්‍රිකට් සංචිතය දඹුල්ලේ

editorial - 2021 අගෝ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එළැඹෙන තරග සංචාරයන් ඉලක්ක කරගනිමින් මූලික සංචිතයකට කැ‍ඳවූ ක්‍රීඩිකාවෝ 27 දෙනෙක් මේ දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් කරමින් සිටිති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම නේවාසික පුහුණු කඳවුරට සහභාගි වන මූලික සංචිතයට නවක ක්‍රීඩිකාවන් 5 දෙනෙක්ද කැඳවා ඇත. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු හෂාන් තිලකරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම පුහුණු කඳවුර පැවැත්වේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කාණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තුද මෙම සංචිතයට ඇතුළත්ව සිටින අතර ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න මෙම සංචිතයට කැඳවා ඇති ළාබාලතම ක්‍රීඩිකාව වේ. ඉකුත්දා නිමාවට පත්වූ අන්තර් පාසල් බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරියන් වූ රත්ගම දේවපතිරාජ විද්‍යාල පිලේ නායිකාව වූ 19 හැවිරිදි සචිනි නිසංසලා, 18 හැවිරිදි ඉමේෂා දුලානි හා 17 හැවිරිදි කාව්‍යා කාවින්දි යන ක්‍රීඩිකාවෝද මෙම මූලික සංචිතයට කැඳවා සිටිති.

සීනිගම ලේඩීස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වෘත්තියෙන් ශාරිරික අධ්‍යාපන ගුරුවරියක් වන26 හැවිරිදි පියුමි වත්සලාද මෙම සංචිතයට කැඳවා සිටින්නීය.

 

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය :
චමරි අතපත්තු, හර්ෂිතා මාධවී, හෂිනි පෙරේරා, ඉනෝකා රණවීර, හංසිමා කරුණාරත්න, නිලක්ෂි සිල්වා, අනුෂ්කා සජීවනී, ප්‍රසාදිනී වීරක්කොඩි, ළිහිණි අප්සරා, කවීෂා දිල්හාරි, ඔෂධී රණසිංහ, සුගන්ධිකා කුමාරි, මල්ෂා ෂෙහානි, සත්‍යා සංදීපනී, උමාෂා තිමේෂනී, ඉනෝෂි ප්‍රනාන්දු, උදේෂිකා ප්‍රබෝධනී, අමා කාංචනා, අචිනි කුලසූරිය, තාරිකා සෙව්වන්දි, ශෂිකලා සිල්වා, එම්. මෙත්තානන්ද, පියුමි වත්සලා, සචිනි නිසංසලා, විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි සහ කාව්‍යා කාවින්දි

-036


අදහස් (0)

කාන්තා ක්‍රිකට් සංචිතය දඹුල්ලේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.