Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පරිපාලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් අනතුරුව කැරම් නිලවරණය සඳහා නැවත වරක් නිලවරණ කමිටුවක් පත්කර තිබේ. මෙම නිලවරණ කමිටුව නීති හා පරිපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර විශ්‍රාමික දිසා විනිසුරු උපාලි සමරවීර මහතා කමිටුවේ සභාපති වරයා වශයෙන් කටයුතු කරයි.
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්.ඒ.ටී. ජයසිංහ මහතා සහ සබරගමු පළාත් ක්‍රීඩා අධ්‍යක්‍ෂ (විශ්‍රාමික) පාලිත ජයතිලක මහතා නිලවරණ කමිටුවේ සෙසු නිලධාරීහු වෙති.
ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශීලා ද සේරම් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා සමාජ 68 ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති අති විශේෂ මහා සභා රැස්වීමකදී මෙම නිලවරණ කමිටුව පත්කරනු ලැබිණ.
කොරෝනා වයිරසයේ පැතිරීම හමුවේ සහ සාමාජිකත්වය අහිමිවූ ක්‍රීඩා සමාජ වලින් මතුවූ විරෝධතා හේතුවෙන් දිනෙන් දින කල් ඇදෙමින් පැවති කැරම් නිලවරණය සඳහා මීට පෙරද ශ්‍රී ලංකා කැරම් සම්මේලනය මගින් නිලවරණ කමිටුවක් පත්කරන ලදි. පසුව නාම යෝජනා කැඳවා දින නියමකර තිබූ අවස්ථා කිහිපයකදීම විවිධ හේතූන් මත නිලවරණය කල්දමනු ලැබිණ.
ඒ අතරවාරයේදී කැරම් සම්මේලනය මගින් පත්කරන ලද නිලවරණ කමිටුවේ සාමාජිකයෙකු මියයාම හේතුවෙන් ශ්‍රී ලංකා කැරම් නිලවරණයේ කටයුතු තවදුරටත් ගැටලු සහගත තත්වයකට පත්විය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා කැරම් සම්මේලනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලද අතර නැවතත් නිලවරණ කමිටුවක් පත්කර ඉදිරියේදී කැරම් නිලවරණය ව්‍යවස්ථානුකූලව පවත්වන ආකාරය පිළිබඳව ක්‍රීඩා සමාජ දැනුවත් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් මෙම අති විශේෂ මහා සභා රැස්වීම කැඳවා තිබුණි. හැකි ඉක්මනින් නිලවරණය පවත්වා ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ පරිපාලනය යථාවත් කිරීමට කටයුතු කරනු ලබන බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.
නව නිලවරණ කමිටුවේ නිලධාරීන් සමග ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ නීති නිලධාරී ශිරෝමි රණවක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක බී.එම්.එස්.එස්. බස්නායක යන මහත්මීහූද මෙම අවස්ථාවට සහභාගී වූහ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.