Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
ධර්මරාජ විදුහලත් කිංස්වුඩ් විදුහලත් අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 116 වැනි මහා ක්‍රිකට් තරගයේ ප්‍රථම දිනය වූ අද (24 වැනිදා) සවස ක්‍රීඩාව නිමා වන විට කිංග්ස්වුඩ් විදුහල පළමු ඉනිමේ ලකුණු 18 ක් ඉදිරියෙන් සිටියේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මරාජ විදුහල සියලු දෙනා දැවීලකුණු 114 ක් රැස් කළ අතර ඊට පිළිතුරු වශයෙන් කිංග්ස්වුඩ් විදුහල සියලු දෙනා දැවී ලකුණු 132 ක්රැස් කිරීමට සමත් විය. පළමු දිනයේ කිංස්වුඩ් විදුහලේ ගැලවුම්කාරයා වූයේ අමේෂ් රූපසිංහය. ඔහු පන්දුවෙන් (30/3) සහ පිත්තෙන් දස්කම් දක්වමින් අර්ධ ශතකයක් (67) වාර්තා කිරීමට සමත් විය.
ධර්මරාජ පළමු ඉනිම - සියලු දෙනා දැවී 114
(ඉසුරු පන්නල 25, මලීෂ රාජකරුණා 14, ඔනජිත් ද සිල්වා 12, අරෝෂ මහගෙදර 12, කවිඳු මනහර 11, අබ්දුල් හකාම් 31/3, අමේෂ් රූපසිංහ 30/3, කණුල පිහිලිඅංග 19/3)
කිංස්වුඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 132
(කවිජ ගමගේ 18, අමේෂ් රූපසිංහ 67, අබ්දුල් හකාම් 28, පලිඳු පෙරේරා 44/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.