Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කී‍්‍රඩා පනතේ සංශෝධන වලට නීතිපතිවරයාත් විරුද්ධයිලූ

කී‍්‍රඩා පනතේ සංශෝධන වලට නීතිපතිවරයාත් විරුද්ධයිලූ

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 03 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ජාතික ක‍්‍රීඩා පනතේ රෙගුලාසි සංශෝධන කිරීමේදී ප‍්‍රමාදයක් සිදුවී තිබේ නම් ඊට හේතුවී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සංගම් අතර ඇතිවී තිබෙන අර්බුදය බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව යොමු කළ අළුත්ම ලිපිය ගැන ‘ලංකාදීප’ කළ විමසුමකදී ඇමැතිවරයා එසේ පැවසීය. ඔහු පැවසුවේ ඒ සඳහා පත්කළ ක‍්‍රියාකාරි කමිටුව ලබන සිකුරාදා (07) රැස්වීමට නියමිත බවය.

ඇමැති අලූත්ගමගේ මහතා මෙසේ ද පැවසීය.

”අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කියන ආකාරයේ ප‍්‍රශ්නයක් මෙතන නෑ. ක‍්‍රීඩා පනතේ සංශෝධන සියයට හැත්තෑවක්ම දැන් සකස් කරලා ඉවරයි. දැන් ඒක අපි නීතිපතිවරයාට යොමු කරලා තිබෙනවා. නීතිපතිගේ තීරණය අපිට හෙට ලැබෙනවා. නමුත් මෙම සංශෝධන සමහර ඒවාට නීතිපතිවරයාත් විරුද්ධයි”
”මේ ප‍්‍රශ්නෙදි මට රටේ නීතිය ගැනත් හිතන්න වෙනවා. ජාතික ඔලිම්පික් කමිටුව ක‍්‍රීඩා රෙගුලාසි සංශෝධනයේදී ජාතික ක‍්‍රීඩා සංගම්වල අදහස් ලබා නොගත් බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. එතනයි ප‍්‍රශ්නය තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඔලිම්පික් කමිටුවට දුන් උපදෙස් ක‍්‍රියාත්මක වී නෑ”

”සිකුරාදා අපි බලාපොරොත්තු වෙනවා ක‍්‍රියාකාරි කමිටුව සමග පැවැත්වෙන සාකච්ඡවට ඔලිම්පික් කමිටුව හා ජාතික ක‍්‍රීඩා සංගම් නියෝජිතයනුත් කැඳවන්න.

මෙම ප‍්‍රශ්නයේදී ජාතික ඔලිම්පික් කමිටුව හා ක‍්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇතිවෙලා නෑ. දැන් ඇතිවී තිබෙන්නෙ අප දෙපාර්ශ්වය අතර මත ගැටුමක් විතරයි” යැයි ක‍්‍රීඩා ඇමතිවරයා වැඩි දුරටත් පැවසීය. 


අදහස් (1)

කී‍්‍රඩා පනතේ සංශෝධන වලට නීතිපතිවරයාත් විරුද්ධයිලූ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.