Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කුලසේකර ආපසු එවයි

කුලසේකර ආපසු එවයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා සංචිතයේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර මස්පිඩු පෙරළීමේ ආබාධයකට ලක්ව සිටින නිසා තරගාවලියෙන් ඉවත්වීමට සිදුවී ඇති බව ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

මෙම සංචාරයේ එක්දින තරගාවලියේදී ආබාධයකට ලක්වූ ළහිරු තිරිමාන්න ද මේ දක්වා සම්පූර්ණ සුවය ලබා නොමැති බව නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. කෙසේ වෙතත් තිරිමාන්න තව දුරටත් සංචිතයේ රැදී සිටියි.

ආබාධය හේතුවෙන් කුලසේකර පළමු ටෙස්ට් තරගයට ක‍්‍රීඩා නොකළ අතර ඉදිරි දින දෙක තුන තුළදී ඔහු ශ‍්‍රී ලංකාවට පිටත්ව යෑමට නියමිතය.

පළමු ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ඇන්ජලෝ මැතිව්ස් මෙසේ ද පැවසීය.

”කුලසේකරට ආබාධය හේතුවෙන් ක‍්‍රීඩා කරන්න බෑ. ඒ නිසා ඔහුව නැවත යැවීමට තීරණය කර තිබෙනවා. සංචිතයේ ක‍්‍රීඩකයන් 16 ක් ඉන්නවා, ඒ නිසා වෙනත් ක‍්‍රීඩකයකු ආදේශ කිරීමේ අවශ්‍යතාවක් නෑ”  

 


අදහස් (0)

කුලසේකර ආපසු එවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.